English
සිංහල
23:10 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7,342කට ගුරු පත්වීම්

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    •ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා.

    •2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රජයේ අරමුණයි -ජනපති පවසයි.

    ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

    විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය. ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.


    මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.

    මේ වන විට රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන නමුත්, නැවතත් මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යාමට නම් අපනයන ආර්ථකය දියුණු කළ යුතු බවත් ඊට ගැළපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදුවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    පළමුවෙන්ම අද පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ ඇති වූ දේශපාලන තත්ත්වය නිසාත් වසර 02ක් වැඩිපුර තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔබට සිදු වුණා. ඔබට එම අධ්‍යාපනය ලබාදුන් පිඨාධිපතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

    අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ 1985 වසරේ මම අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදියි. මේ වන විට අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කර අවුරුදු 38ක් ගතව තිබෙනවා. මෙම අවුරුදු 38 තුළ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

    එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යම් ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒ සියල්ල නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමරිකාව සහ එංගලන්තය. අද එම සමාගම් බංකොළොත් වෙලා. අද මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ චීනය, නැත්නම් ඉන්දියාවයි. මේ රටවල් දෙකේ තමයි පරිගණක නිෂ්පාදන දැනුම තිබෙන්නේ. මෙලෙස විශාල වෙනසක් සිදුව තිබෙනවා. එහි නව දැනුම එකතු වී තිබෙනවා.

    අපි අද සිටින්නේ 21 වන ශතවර්ෂයේයි. නමුත් තවමත් අපට තිබෙන්නේ 20 වන ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයයි. අපි රජයක් ලෙස කැපවී කටයුතු කරන්නේ 21 වන ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීමටයි.

    ආර්ථික අර්බුදයකට මුහුණ දී අද අපි ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. රට තුළ ආර්ථික ස්ථාවර බවක් ඇතිව තිබුණත් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යනවා නම් වෙළෙඳ ශේෂය දියුණු කළ යුතුයි. ඒ වගේම අපනයනයෙන් මුදල් උපයා ගත යුතුයි. එසේනම් ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අප ඇති කළයුතුයි.

    රටේ ආර්ථිකය ගොඩගන්නවා වගේම රටේ අනාගතය වෙනුවෙන් අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ද සකස් කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීමේ දී අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. මෙම මානව සම්පත වර්ධනය කරන්නේ ගුරුවරුන් විසින්. ඒ නිසා ගුරු සම්පත ද අප දියුණු කළයුතුයි.

    අධ්‍යාපනය වෙනුවෙන් අද අපි වෙනම අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීම මෙම කමිටුවට පැවරෙනවා. දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් ඒ පිළිබඳ අපට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන නවීකරණය පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් එක් අංශ නියෝජනය කරන කණ්ඩායමක් පත් කර තිබෙනවා.
    මේ වාර්තා සියල්ල අගෝස්තු මාසය අවසන්වන විට අපට ලබාදෙන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. ඒ හරහා 21 වන ශතවර්ෂයට ගැළපෙන, අදට පමණක් නොවෙයි 2050ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.

    08 වසර සමත් වූ නිසා හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා හැම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය භාරගතයුතුව තිබෙනවා. එය ආණ්ඩුවක් ලෙස අපි භාරගෙන තිබෙනවා. එසේනම් ඊට ගැළපෙන ලෙස පාසල් අධ්‍යාපනය සකස් කළයුතුයි.

    සංගීතයට, කලාවට දක්ෂතා දක්වන අය සිටිනවා නම් එම හැකියාවන් වර්ධනය කර ගැනිමට අප අවස්ථාව ලබාදිය යුතුයි. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල එම අවස්ථාව තිබෙනවා. අපත් එවන් වැඩපිළිවෙළකට යා යුතුයි. උසස් පෙළ විෂයයන් පමණක් නොවෙයි, ජීවිතයට අවශ්‍ය විෂයයන් හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.

    වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.

    අපි වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාගයත් ඒ අනුවම පැවැත්වීමේ යුතුකමක් අපට තිබෙනවා. දැන් විභාගවල දින මාරු වෙනවා. ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වනවා. එසේනම් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතුයි. ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වෙනවා.

    විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. අඩුම තරමින් වයස අවුරුදු 23දී විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතුයි. ඒ වගේම අද අලුත් විෂයයන් ගණනාවක් තිබෙනවා. අද අපිට ඉංග්‍රීසි භාෂාව ඉතා අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා කිසිවෙකුට හැඟවෙන්න බැහැ.

    19 සහ 20 වන ශතවර්ෂයේ සිංහල ලේඛකයන්, සාහිත්‍යකරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණයවී සිටිනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ, ඊ.ආර්. සරත්චන්ද්‍ර මැතිතුමා, මාර්ටින් වික්‍රමසිංහ ශූරින් මේ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වූ ලේඛකයන් වූවා.
    ඒ නිසා සියලුදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ එම වැඩසටහන අපි සකස් කළයුතුයි. ඒ සඳහා පළමුව ඉංග්‍රිසි ගුරුවරුන් ලබාදිය යුතුයි. ඉදිරි වසර 05 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි ඉන්පසුව ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන යා හැකියි. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවුණත් අපේ ලිපි ගොනු ගණනාවක් තවම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යනවා. අපි එතනට සීමා නොවිය යුතුයි. චීන භාෂාව, ජපන් භාෂාව, හින්දි, අරාබි මෙම භාෂා ඉගෙන ගැනීමට අපි අවස්ථාව සලසා තිබෙනවා.

    ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් නවීකරණය කළයුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව වසර 03 ද 04 ද කියා තීරණය කළයුතුයි. එසේම මේ රජ්‍ය විශ්වවිද්‍යාල ද නවීකරණය කළ යුතුයි.

    මේ වන විට වසරකට සිසුන් 40,000ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඒ වගේම පිරිසක් පිට රට යනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපන ආයතනවල ඉන්නවා. ඒ නිසා රජ්‍ය විශ්වවිද්‍යාල, ජාතික විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමටත් අපි අවකාශ සලසා දෙනවා.

    එලෙස රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරනවා නම් ඒ ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහන පොළියකට නැත්නම්, පොළී නැතිව ණය ලබාදීමට තීරණය කර තිබෙනවා.

    අපේ රටේ විතරයි සිසුවෙකු කළයුතු විෂය ආණ්ඩුව තීරණය කරන්නේ. අනිත් හැම රටකම ශිෂ්‍යයන්ටත් අයිතියක් තිබෙනවා තමන් කැමති විෂය තෝරගන්න. ඒ ක්‍රමවේදය අප සකස් කළයුතුයි.

    තවත් වසර 15 – 20කින් තිබෙන පංතිකාමරය මොකක්ද කියා අපි කිසිවෙකුටත් කිව නොහැකියි.. දැන් තිබෙන කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය සමග අපි ඉදිරියට යන්නේ කොහොමද කියා බැලිය යුතුයි. Chat GPT නිසා ඉදිරියේ දී ඉගැන්වීමේ ක්‍රම ද සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි සිටින්නේ විශාල පරිවර්තනය යුගයක. ඒ නිසා එම තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:

    රටක දියුණුවට, රටේ නව පරම්පරාවේ බලාපොරොත්තු ඉටු කිරීමට ඒ වගේම නව දැනුමෙන් නව පරම්පරාවක් බිහි කිරීමට ඔබ ලබාගත් අධ්‍යාපනික පුහුණුව හා දැනුම දායාද කිරීමට අද සිට ඔබ වගකීමකින් සහ යුතුකමකින් බැඳෙනවා.

    වගකීම් හා යුතුකම් කියන දෙකම අපේ අධ්‍යාපනයට අවශ්‍ය වන කාල පරිච්ජේදයක් තමයි මේ ඇතිවෙලා තිබෙන්නේ. එම කර්තව්‍ය ඉටු කිරීමෙහිලා දැනුම සුවිශේෂ වස්තුව බවට පත් වෙලා තිබෙනවා කෙනෙක් ලබාගත් දැනුම නැමැති වස්තුව කුමන භෞතික දෙයකින්වත් විනාශ කරන්නට බැහැ. විවිධ විෂයයන් තුළ ඔබට ලබාදී තිබෙන සුවිශේෂ වූ පුහුණුව අපේ දරුවන් හා ශිෂ්‍ය පරම්පරාවට ලබාදී ශක්තිමත් අනාගතයට පරම්පරාවක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.

    වත්මන් ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියදී විද්‍යා පීඨ ආරම්භ කොට විශේෂ පුහුණුවක් මගින් ගුරු පරම්පරාවක් දැනුමෙන් සන්නද්ධ කරන්න කටයුතු කළා. අද ඔබ බොහෝ දුර ගමනක් ඇවිදින් තිබෙන්නේ ඒ ගමන් මග තුළ. අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඔබ තැන්පත් කරන දැනුම අනාගත ලංකාවේ ශක්තිමත් පුරවැසියෙකු බිහි කරනවා.
    අද දින කුමන ආර්ථික අමාරුකම් පැවතිය ද ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල ශක්තිය ලබා දී තිබෙනවා. ඔබ පාසල් හරහා අවශ්‍ය ශක්තිමත්, දැනුමෙන් යුත් දරුවන් සමාජයට දායාද කරන්නට කටයුතු කරන්න. ගුණාත්මක අධ්‍යාපන ක්ෂේත්‍රයේ අප බලාපොරොත්තුවන ඉලක්ක කරා ගමන් කරන්නට ඔබ සියලුදෙනා කැපවී කටයුතු කළයුතුයි.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා:

    ගරු ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 1985 ජාතික අධ්‍යාපන ආයතන පනත සහ 1986 විද්‍යාපීඨ පනත හඳුන්වා දීමෙන් පසුව තමයි අවුරුදු තුනක පුහුණු පාඨමාලාවකින් පසු විද්‍යාපීඨ ගුරුවරුන් අපේ පාසල් පද්ධතියේ සේවය සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබුණේ.

    මේ වන විට අපේ රටේ දෙලක්ෂ පනස් දහසක් පමණ ගුරු පරපුරක් දස දහස් එකසිය තිස් පහක් වන රජයේ පාසල්වල සේවය කරනවා. ලක්ෂ 41ක් දරුවන් රජයේ පාසල්වල අධ්‍යාපනය ලබනවා. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසැල්වල තවත් එක් ලක්ෂ පනස් දහසක් පමණ අධ්‍යාපනය ලබනවා.
    පුහුණු හා ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරු පාසල්වලට ලබා දීම සඳහා තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. මෙම අධ්‍යාපන විද්‍යා පීඨ 19 පවත්වාගෙන යන තුන් අවුරුදු පාඨමාලා, අවුරුදු 04 පාඨමාලා බවට පරිවර්තනය කර ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට පැමිණි යෝජනා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට ඩිප්ලෝමාධාරීන් ලෙස පිට වූ අයට ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන ඔස්සේ උපාධිය දක්වා තම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසා දෙනවා. ඉන් ඔබ්බට පශ්චාද් උපාධිය දක්වා අවශ්‍ය පහසුකම් සැපයීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.

    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක , රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, පියල් නිශාන්ත, සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් යන මහත්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, විද්‍යා පීඨ පීඨාධිපතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version