ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රතික්ෂේප කරයි.
ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම පැවසීය.
ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඔහු සදහන් කලේය. මේ ප්‍රකාශ දෙකම සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන පණිවිඩ දෙකක් විනා සත්‍යාපනය කර නැති පුවත් දෙකකි.
රාවණා සටහන
කෙසේ වුවත් මේ වන විට එම කතාව සමාජය පුරාවටම පැතිරී ගොස් තිබේ. කෙසේ නමුත් සමාජය තුල තිබෙන අර්බුධකාරී තත්වය හේතුවෙන් දේශපලාන බේදයකින් තොරවම ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කිරීම පිලිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීම සහ මේ අර්බුධයෙන් රට ගලවා ගැනීම සදහා විපක්ෂයටම ඇගිල්ල දිගුකිරීමෙන් පලක් නැති බව ජනාධිපතිතුමාගේ උපදේශකයන් තේරුම් ගෙන හෝ සැබෑ තත්වය ජනාධිපතිතුමාට දැනුම් දී නැති බවටද විද්වත් මත ඉදිරිපත් වේ.
කෙසේ හෝ මේ ප්‍රශ්න වලට කඩිනම් විසදුම් සෙවිය යුතුය. ඒ සදහා රටක් ලෙස එකතු විය යුතුය. එසේ නොමැතිව එකිනෙකාට දොස් තබමින් බලා සිටීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය උග්‍ර වී මිනිසුන් මරා ගැනීම සහ රට පතුලටම වැටීම බව සියලු පක්ෂ විපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද තේරුම් ගත යුතුව තිබේ. එබැවින් සියලු ප්‍රශ්න විසදිය හැකි කටයුතු කෙරෙහි අවධනය යොමු නොකිරීමෙන් සිදුවන හානිය ඔබ අප සියලුම දෙනාට බව අමතක නොකල යුතුය.
එසේම තවත් සමහරු සමාජ් මාධ්‍ය ජාල වල පැහැදිලිවම සදහන් කර තිබෙන්නේ මේ ප්‍රශ්න විසදීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති නම් එතුමාටඉල්ලා අස් වන ලෙසද, එය තරහින් පවසන දෙයක් නොවන බවද බොහෝ දෙනෙකු සදහන් කර තිබේ. නමුත් අපගේ මතය නම් මේ කරුණු දෙස නිසි අවදානයක් යොමු කරන්නේ නම් දින කිහිපයක් ඇතුලත මේ ප්‍රශ්න විසදිය හැකි බවයි. ජනාධිපතිතුමා කල යුත්තේ හදවතට අවංකවම මේ ගැටළු දෙස අවධානය යොමු කර එකින් එක විසදීමට අවශ්‍ය යාන්ත්‍රනය සැකසීමයි. එහිදී ව්‍යාපාරික ප්‍රජාව සහ හොරකම් කරමින් තමන් ලග රැදී සිටින පුද්ගලයන් හදුනා ගනිමින් ඔවුන් ඉවත් කිරීමටද අවශ්‍ය සැලසුම් සැකසිය යුතුය.















































