දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් පසුගිය මාස 06 ට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී.විල්සන් මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කරවල ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා එම අදහස් පළ කර ඇත.
එසේම සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පාරිභෝගිකයන්ට පසුගිය කාලයට සාපේක්ෂව මේ කාලය දැඩි අසීරු කාලයක් බැවින් ඔවුන්ටද මේ තීරණය තුලින් යම් සහනයක් ලැබෙන බවයි.