විධායක සභාව පසුගිය සතියේ එක් රැස් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්‍ය ජී.එල්. පීරිස් මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ කඩිනමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.එමෙන්ම මේ වන විට ඊට යෝජනා දෙකක් ලැබී ඇති බව ඔහු සදහන් කරන ලදී.
පොදුජන පෙරමුණේ සාමජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ පිරිස් සිය ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.














































