ජුලි මස 6 හෝ 7 යන දිනයන් වලින් එකක උතුරු නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා යොමු කොට ඇති ලිපියක් අද (04) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සභාගත කරන ලදී.
පසුගිය මස 27 වැනි දින නිකුත් කර තිබෙන බව පැවසෙන මෙම ලිපිය තුල උතුරේ රැදී සිටින විදේශිකයන්ට උත්සවවලට හෝ සහභාගී නොවන ලෙසද දැනුම් දීමක් කොට ඇති බවද සදහන් වන බව කියවේ.
එමෙන්ම දේශපාලකයන්ගේ නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දී ඇති බව කී බණ්ඩාර මහතා වහාම ඒ පිළිබදව සොයා බලන ලෙස නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.
එයට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කලේ එවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබේ නම් එම තොරතුරු ලැබුනේ කෙසේද යන්න අනාවරණය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදි.
මේ වන විට රට පුරා පවතින ආණ්ඩු විරෝදී විරෝධතා සහ හැඟීම් යටපත් කිරීම සඳහා කරන කුමන්ත්‍රණයක්ද යන්න සැකකරන බවද ඒ මහතා සදහන් කරන ලදී.
කෙසේ වෙතත් එවැනි ප්‍රහාරයක් සිදු වුවහොත් ආරක්ෂක ලේඛම්වරයා ලෙස ඔහුට වගකීමට සිදුවේ. එසේම ඒ පිලිබඳව දැනගෙන සිටින්නේ නම් එය වලක්වා ගැනීමට කටයුතු කිරීමට ඔහුට සිදුවන අතර එසේ නොමැති වුවහොත් පාස්කු ප්‍රහාරයෙන් බේරුනත් දැන් බේරීම සදහා නොහැකි වනු ඇත. එය සිදුවීමට පෙර අනාවරණය වී පාර්ලිමේන්තුව තුල හැන්සාර්ඩ් වී තිබෙන බැවින් ආරක්ෂක ලේකම්ට සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට එම ප්‍රහාරය වලක්වා ගැනීමට සිදුවනු ඇත.














































