හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාර දී ඇත.
ඒ වෙළද අමාත්‍යවරයා ව සිටියදී 2010 වසරට අදාලව සතොස සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් ලක්ෂ 59 කට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාව මතයි.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැද වූ අවස්ථාවේ එසේ අධිචෝදනා භාර දී ඇත.
හිටපු අමාත්‍යවරයාට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකිර්ට මෙලෙස අධිචෝදනා භාර දී ඇත.
විත්තිකරුවන්ගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ ඊට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
එහිදී එක් අයෙකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
තවද මොවුන් තිදෙනාට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට මහාධිකරණය නියෝග කර ඇත.
















































