අපේ ජනබලවේග පක්ෂ නායක සමන් පෙරේරා මහතා සමග මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ බොහෝ චීවරධාරීන්ගේ චීවර ගැලවිණ. ඇත්ත වශයෙන්ම චීවරදාරීන් යන වචනය මෙහිදී ප්‍රකාශ වන්නේ එහි තේරුම නිසි ලෙස නොදත් නිසා වන අතර චීවරදාරීන් ලෙස ගත් විට රහතන් වහන්සේලා ඇතුළු සිල්වත් හිමිවරුන්ද අයත් වේ. එබැවින් මේ වචනය වෙනුවට භාවිතා කල යුත්තේ ඝණීන් වහන්සේලා යන වචනයයි.
සමන් පෙරේරා මහතා මෙම සාකච්ඡාව තුළ දී සඳහන් කරන්නේ ඥානසාර හිමිට කිසිදිනෙක මන්ත්‍රී ධූරය ලබා නොදෙන බවත්, එම මන්ත්‍රී ධූරය හිමි තමන්ට බවත්ය.
විශේෂයෙන් ඔහු මෙහි දී මතුකර ඇති කරුණ වන්නේ ඥාණසාර හිමි විසින් පක්ෂ ලේකම්වරයාට රාත්‍රියේ දී මත්පැන් සප්පායම් වී අසභ්‍ය වචනයෙන් අම්ම මතක් කර බනින බවයි.
බුදුන් වහන්සේගේ දේශණාවන්හි කොතැනක කෙසේ මේ අයුරින් අසභ්‍ය වචන භවිතය සිල්වත් නොහොත් බුද්ධ දේශනාව නොහොත් බුද්ධ දර්ශනයට උචිත බවට සටහන් වන්නේ ද යන්න අපද නොදත් කරුණකි. භික්ෂූන් වහන්සේලා යැයි පවසමින් ඔවුන් මෙසේ හැසිරීම තුළින් එක්රැස් කරගන්නා අකුසල් කවදා නම් ගෙවා අවසන් කරන්න ද යන ගැටලුවට වඩා අපට දක්නට ලැබෙන්නේ මේ ශ්‍රී ලංකාව විනාශ කරනුයේ මෙසේ සිවුරක් දා ගත් අන්‍යාගමික පුද්ගලයන් බවයි.
එමෙන්ම රෑට රෑට ඥාණසාරගේ පන්සලට පැමිණෙන කාන්තාවන්, තරුණියන් පිළිබදව ද ඔහු මෙහිදී සඳහන් කරනු ලබයි. මේවා ඇත්තක්ද බොරුවක්ද යන්න අප නොදන්නා නමුත් ඔහු මෙසේ ප්‍රකශ කරනුයේ යම් සාක්ෂියක් ඔහු ලඟ තබාගෙන විය යුතුය. මෙය බොරුවක් නම් එය බොරුවක් බව පෙන්වීම සදහා ඥාණසාර හිමි අධිකරණයට යා යුතුය. ඒ සමන් පෙරේරා මහතාට විරුද්ධවය.
සමන් පෙරේරා මහතා ට අනුව ඥාණසාර හිමි, රතන හිමි සහ වේදිතිගල යනු චීවරධාරී තාත්තලාය.
ශ්‍රී රාවණා සටහන
මෙවන් අශිලාචාර චර්යාවන්ගෙන් යුතුව ජීවත්වීමට නම් චීවර ගලවා පසෙකලා ඊට අගෞරව නොකර තමන්ගේ අවශ්‍ය කාර්යයක් සිදු කරගැනීම සුදුසු වන අතර එයින් තමන්ට සිදුවන පව් ටිකක් හෝ අඩු වෙති. රට හැමතැනම මෙවන් ඝනීන් වහන්සේලා නිසා විශාල ගැටළු මතු වෙමින් තිබෙන අතර බොදු ජනතාව මොවුන් දෙස පිළිකුල් සහගතව බලයි. මොවුන් නිසා සැබෑ භික්ෂූන් වහන්සේලාට ද අගෞරවයක් වී බුද්ධ ශාසනයම විනාශ වෙමින් පවතී. කාම බෝගී ජීවිත ගත කරන මොවුන්ට විරුද්දව බොදු ජනතාවගේ පිබිදීමක්ද මේ වන විට දක්නට ලැබෙන අතර වැඩි දිනක් නොගොස් විවිද ප්‍රහාරයන් වලට ලක් වීමට මේ උන් වහන්සේලාට සිදු වනු ඇත. අප එවන් සිදුවීමක් මෑතකදී නුගේගොඩදී ද දුටුවෙමු. එබැවින් අපගේද එකම ඉල්ලීම, ” අපි තවමත් ඔබතුමන්ලාට හාමුදුරුවනේ කියන්නම්, අපේ හාමුදුරුවන් වහන්සේලානනි, ඔබතුමන්ලාගේ හදවතින් අසා බලන්න, ඔබ යන්නේ බුදු මගද යන වග. එසේ නොවේ නම් බුදු දහම තව දුරටත් නොවිකුණා , අපටද පව් නොපුරවා ගිහියෙකු වී බැබලෙන්න.”