English
සිංහල
21:36 සෙනසුරාදා, පෙබරවාරි 21, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඩඩ්ලි නොදුටු තාරුණ්‍ය, දුෂිත වෙළදාම සහ ඉතිහාසයට ගිය කතාවක්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප නිරන්තරයෙන්ම අවධානය යොමුකර තිබෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික තරුණ සංවර්ධන ප්‍රඥප්තියක් රටට හදුන්වා දෙන ලෙස පාලකයන් දැනුවත් කිරීමයි. එය එසේ නොමැති බැවින් තාරුණ්‍ය සහ වැඩිහිටියන් අතර දිගින් දිගටම ආරවුල් ඇති වේ. තාරුණ්‍ය ලෝකය දෙස බලනුයේ සර්ව සාධාරණත්වයේ දෑසිනි. එය නැති කර තිබෙනුයේ වැඩිහිටියන් විසිනි.  සමාජ අසාධාරණකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පිඩා විඳින අතර, එම පීඩාවන් නිසාම ඔවුන්ද වැඩිහිටියන් වන විට, තමන් තරුණ කාලයේ අත් දුටු වැරදි මත, හැසිරීම තීරණය කරති. ශ්‍රී ලංකාවේ තරුණයන් දුක් විඳින වෙනත් සාමකාමී රටක් ලෝකයේ හමු නොවේ.

    වංචාව, දුෂණය, හොරකම , නාස්තිය මිටිකරගත් රාජ්‍ය සේවය සහ කුප්‍රකට ව්‍යාපාරිකයන් නිසා සාමාන්‍ය ජනතාව දුක් විඳිති. එහි වරද ඔවුන්ගේම යැයි කිව නොහැක. ඒවා එසේ නොවීමට අවශ්‍ය ලෙස අණපනත් අප රට තුල ස්ථාපනය වී නැත. මේ දුෂිත ක්‍රමය නිසා දැඩි පීඩනයකට හසුව සිටින්නේ දරුවන් සහ තරුණයන්ය.

    1975 දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද “ජනවේගය”දේශාපලන ව්‍යාපාරයක් විශ්ව විද්‍යාල මට්ටමින් දැඩිව ක්‍රියාත්මක කර තිබුණි. එකල එක්ෂත් ජාතික පක්ෂය වෙනුවෙන් කතාවක් පැවැත්වීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරයෙක් වූ ගාමිණි දිසනායකාටද හූ කිවේ කැළණි විශ්ව විද්‍යාලයේදීය. හූ කියන සියලුම දෙනාට “ආයුබෝවන්” කියමින් පයින්ම දේශන ශාලාවට පැමිණ ඇත.

    එවැනි ඉතිහාසයක් තිබු කැලණිය විශ්ව විද්‍යාලයට ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (15) ගොස් තිබුනේ දේශනයක් පැවැත්වීමටය. විශ්ව විද්‍යාලයක නුගත් ඔහුට එසේ ආරාධනා ලැබීමද ඔහුගේ භාග්‍යයකි. ඊයේ සිදුවීම අපද ඊයේ වාර්තා කළේය. එය වාර්තා කිරීමක් වුවත්, එහි සිටි තරුණයන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ වචනවලින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ දුෂණයට ඔවුන්ගේ තිබෙන විරෝධතාවයි. “ හාල් හොරා” “ආමි එකෙන් දාලා හාල් ඉස්සුවා” එවැනි වචන ගණනාවකින් ඔවුන්ගේ වචනවල පිරී තිබුණි. අපට රටක් අවශ්‍ය නම අවධානය යොමුකළ යුත්තේ එම වචන දෙසට සහ තාරුණ්‍යයේ සිතිවිලි දෙසටයි. (එම වීඩියෝව පහතින්)

    එහිදී පැහැදිලිවම දක්නට තිබෙන්නේ දුෂිත යැයි සම්මත හෝ කට කතා මතින් දිවෙන ඕනෑම දුෂිත පුද්ගලයෙකුට සමාජය අකමැති බවයි. ඩඩ්ලි සිරිසේන මහතා නිසා සහල් මිල වැඩි බවත්, ඔහු ඇතුළු කිහිපදෙනෙකු නිසා සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවටත් දිගින් දිගටම චෝදනා තිබුනේය. මේ තරුණයන් පිට කලේ එම ආවේගය විනා යම් දේශපාලන ආවේගයක් නොවේ. එය දේශපාලන ආවේගයක් ලෙස යමෙක් සිතන්නේ ඉන් කියවෙන්නෙම, සමාජීය හැසිරීම් ඔවුන් හදුනාගෙන නොමැති බවයි. ඩඩ්ලි සිරිසේන මහතා උගත් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කලේ නම් කූට සහල් ව්‍යාපාරිකයෙක් ලෙස සමාජයේ නමක් හැදෙන්නේද නැත. ඔහු විද්වතෙක් ලෙස ව්‍යාපාරිකයෙක් වුවා නම්, ඔහු මේ වනවිට කර තිබෙන සේවයට වඩා සේවයක් රටට සිදුවන අතර, ලොව බොහෝ ව්‍යාපාරිකයන් උගතුන් ය.

     කෙසේ වෙතත් එහි වරද ඩඩ්ලිගේ නොව, මෙරට ඡන්ද දායකයන් තම කැමැත්ත දුන්නේ ද දුෂිත පුද්ගලයන්ටමය. ලොව දියුණුවට පත්ව තිබෙන සියලුම රටවල් වල ව්‍යාපාර ආරම්භ කිරීමටත්, පවත්වාගෙන යාමටත් නීති රීති රාශියක් තිබේ. උදාහරණයක් ලෙස ජපානය වැනි රටක ෆාර්මසියකින් බෙහෙත් ලබා දීමේදී යම් බෙහෙතක් ලබා දීම මගහැරී තිබුණහොත්, එයම ඔහුගේ ව්‍යාපාරය තහනම් කිරීමට ප්‍රමානවත්ය. ඔස්ට්‍රේලියාව වැනි රටක් ගත හොත්, කිසිදු රාජ්‍ය සේවකයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට සාමාන්‍ය සිවිල් ජනතාවට පිඩනයට පත්වන ලෙස කිසිදු කටයුත්තක් කල නොහැක. එබැවින් එම රටවල් වල සියල්ලෝම සතුටින් ජීවත් වෙති. නමුත් ලංකාවේ නීති රීති ක්‍රියාත්මක වන්නේ අල්ලසට සහ දුෂණයට අනුව පමණි. එසේ සියල්ලම දුෂිත වන විට කුප්‍රකට ව්‍යාපාරිකයන් බිහිවීම සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර එහිදී පාලකයන් සහ ව්‍යාපාරිකයන් එකට එක්ව තම දුෂිත කටයුතු සිදුකරගෙන යන බව තාරුණ්‍ය ඉතාම හොදින් වටහාගන්නා බැවින් එම සියලුම දෙනාටම එරෙහිව තාරුණ්‍ය තම විරෝධතාවය පෙන්නුම කරති.

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සියලුම විශ්ව විද්‍යාලවල පාහේ  කීර්තිමත් කථිකයන් සොයන්නේ, උපාධි ලබන සිසුන්ට ප්‍රඥාව ලබා දීමටයි. ඉන් අදහස් කරන්නේ ප්‍රඥාව ලබා දීමට ප්‍රඥාව සොයන බවයි. කෙසේ නමුත් එසේ සොයන කථිකයන්ගේ, උත්සාහයන් නිර්භීත වුවද, සියලු ආරම්භක කථා සමාන නොවේ. සමහර ඒවා ක්ෂණිකව අමතක වන අතර අනෙක් ඒවා සිරස්තල බවට පත් වනු ඇත. නමුත් 2005 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්ටීව් ජොබ්ස්ගේ කතාව ඉතිහාසයට එක්ව තිබෙන්නේ සුවිශේෂී කතාවක් ලෙසිනි. එය සාමන්‍ය තත්වය අභිබවා ගොස් සංස්කෘතික දේහය තුළට පිවිසිය හැකි දුර්ලභ කථාවකි. යු ටියුබ් නාලිකාවල මිලියන 40කට ආසන්න නැරඹුම් සහිත එය,  සෑම කාලයකම වඩාත්ම නරඹන ලද ආරම්භක කතාවයි.

    ව්‍යාපාරයේ සහ සංස්කෘතියේ නිරූපකයක් වන ඇපල් සමාගමේ සම-නිර්මාතෘවරයා ප්‍රහේලිකාවක් වූ ප්‍රසිද්ධ චරිතයකි. දියත් කිරීමේ උත්සවවලදී ඔහු එළිදක්වන ලද නව නිෂ්පාදන තරම්ම ආකර්ෂණයක් ගෙන දීමට වෙනත් නිෂ්පාදන සමත්ව නැත. ජොබ්ස්ගේ ඒකීය දෘෂ්ටිකෝණය, නව නිපැයුම් සඳහා සෞන්දර්යාත්මක ඇසක් යෙදීම, ඇපල් හි සාර්ථකත්වයේ දොරටුව විය හැකිය. එය තාක්ෂණයෙන් අලංකාර විය. නමුත් එම සමාගමේ නිෂ්පාදන මෙන්, දිලිසෙන බාහිර පෙනුම පිටුපසින් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සඟවාගෙන, ජොබ්ස් කෑලි තදකරෙගෙන ඉදිරියට ගමන්කරගෙන ගියත් ඒවා තදකිරීමට තිබු ඒවායේ  නට් සහ බෝල්ට් වෙත යාම සැමවිටම පහසු නොවීය.

    ඔහු කතා කරන විට, මිනිසුන් ඇහුම්කන් දුන් අතර, කැලිෆෝනියාවේදි කල ඔහුගේ එම කතාවේදී උපාධිධාරීන් සමඟ කළාක් මෙන්, ජොබ්ස් නිරුවතින් තමාව බෙදා ගත්තේ කලාතුරකිනි. ඔහු කතාව ආරම්භ කරන්නේම, “ ලොව කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා නොගත් මම, ලොව අංක එකේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා” යි කියමිනි.  ( මෙහි නිරුවත් ලෙස සදහන් වන්නේ රහස් සියල්ල එළි දැක්වූ බවයි)

    ඩඩ්ලි යනු හොඳ ද නරකද යන්න අප නොදනි.  කුමන අයුරින් හෝ ඔහු දියුණු වූ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ කතාවද රසවත් විය නොහැක. ගෝඨාභය රාජපක්ෂ සමයේ ඔහුගේ සහල් ගබඩා සොයාගෙන පිරුවේ පාරිභෝගික සේවා අධිකාරියයි. ව්‍යාපාරිකයන්ට එරෙහිව පැනවිය යුතු සීමා නීති ලෙස සකස් නොකර, ඩඩ්ලිගේ සහල් ගබඩා සෙවීම දැක්මක් නැති පාලකයන්ගේ ක්‍රියාවකි. ඩඩ්ලිට අකමැති ජනතාවද එයට දොස් තැබුවේය. ඒ සියල්ලම ඔහු හොරකම කල ඒවා නොවන අතර, අඩු මුදලට හෝ වෙනත් උපක්‍රම ඔස්සේ හෝ ඔහු ඒවා ලබාගෙන තිබෙන්නේ මුදල් ලබා දීමෙනි. එය සිදුකල පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු හමුදා ලොක්කාද හැසිරුනේ බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස නොවේ. රටේ බුද්ධිමත් මෙන්ම නීතිගරුක ජනතාව ඉදිරියේ නිරුවත් විය. 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේ සිටි මහින්ද රාජපක්ෂලා ඇතුළු සියල්ලෝම සිදුකලේ රටට කුප්‍රකට ව්‍යාපාරිකයන් බිහි කිරීමයි. ඔවුන්ම බිහිකළ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දුෂිත පිරිස් සමග මෙරට තරුණ ප්‍රජාව ගැටෙන්නේ බොහෝ කාලයක සිටය.

    කෙසේ වුවත් , 2005 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්ටීව් ජොබ්ස්ගේ කතාව, ලොව පිළිගත් විශිෂ්ඨ කතාවක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙන අතර ඩඩ්ලිගේ කතාව කෙසේ වෙතත් ඔහුට එල්ල වූ විරෝධය ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් වන්නේ, ශ්‍රී ලංකාවට නව පරිච්චේදයක අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්වා දෙමිනි. ඩඩ්ලිලාද, අනෙකුත් ව්‍යාපාරිකයන්ද රැකියා විශාල ප්‍රමාණයක් ජනතාවට ලබා දී තිබේ. රැකියා ලබා දීමට අවශ්‍ය ධනය සොයන මාර්ග වලදී, තවත් කොටසකට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒවා වැලක්වීමට අවශ්‍ය නීති රීති පැනවිය යුත්තේ රජයන් විසිනි. ඒවා එසේ සිදුනොවන විට, මෙසේ ගැටුම් ඇති වේ. මෙවැනි කටයුතුවලින් පෙන්නුම් කරන්නේ, පියාගෙන්, පුතාට ගිය දේශපාලන ක්‍රමයත්, දුෂිත බවට යන්තම් හෝ ගෑවුණු පුද්ගලයන්ටත් ඉදිරි කාලය යහපත් විය නොහැකි. එබැවින් කෙසේ හෝ කල යුත්තේ යහපත් සමාජයක නිර්මාණය කිරීමට අවශ්‍ය නීති, රීති සකසමින් අළුත් පරපුරක් නිර්මාණය කිරීමයි.

    “ඔබේ කාලය සීමිතයි, ඒ නිසා වෙනත් කෙනෙකුගේ ජීවිතයක් ගත කරමින් එය නාස්ති නොකරන්න … ඔබේ හදවත සහ බුද්ධිය අනුගමනය කිරීමට ධෛර්යමත් වන්න. ඔබ සැබවින්ම කිරීමට අවශ්‍ය දේ ඔවුන් කෙසේ හෝ දැනටමත් දන්නවා”

    “ඔබට අහිමි වීමට යමක් ඇතැයි සිතීමේ උගුලෙන් මිදීමට මා දන්නා හොඳම ක්‍රමය ඔබ මිය යන බව මතක තබා ගැනීමයි,” ඔහු උපාධිධාරීන්ට පැවසීය. අවසන් වශයෙන් ඔහු පවසන්නේ අප මිය යන බවත්, එතෙක් අපගේ කොටස අප නිසි ලෙස කල යුතු බවයි.

    එසේම අප විශ්ව විද්‍යාල සිසුන්ගේ සජීවී වැඩසටහනේ පාඨක අදහස් වෙතද අවධානය යොමුකළේය. ඒ සියල්ලම පාහේ තිබුනේ ඩඩ්ලි සිරිසේන මහතාට එරෙහිවය. එසේම ඔහුගේ මුහුණු පොතේ ඒ පිළිබඳව තිබු සටහන් වලින් අති බහුතරයක් දෙනා ඩඩ්ලි වෙනුවෙන් සටහන් තබා තිබුණි. එකිනෙකාගේ මතයන්වලින් පලක් නැති නමුත්, එම සියලුම මතයන් සමාජ විද්‍යාත්මක න්‍යායන් ඔස්සේ කිරා බැලිය යුතුය. එවිට විශ්ව විද්‍යාල දරුවන්ද, ඩඩ්ලි ද , දෙපාර්ශ්වය වෙනුවෙන් දක්වා තිබෙන අදහස් තුලින්ද පෙනී යන්නේ අවස්ථා හතරකි. ඒ අවස්ථා හතරින් පෙන්වා තිබෙනෙන් ඔවුන්ගේ  අදහස් දැක්වීම්, ගුණය, හිතවත්කම, අපේකම ආදී සහ තමන්ට දැනෙන දේ මත කටයුතු කර තිබෙන බවයි. ඒ අනුව එම අවස්ථා හතරම තමන්ට හරි යැයි හිතෙන දේ මත සිදුව තිබෙන අතර ඒවා කිසිවක් දියුණුව අපේක්ෂා කරන ජනතාවක් සිටින රටක ජනතාවක් දක්වන අදහස් බව ඕනෑම මධ්‍යස්ත පුද්ගලයෙකුට වටහා ගත හැකිය. එබැවින් කල යුත්තේ එකම අරමුණකට යන රටක් නිර්මාණය කිරීමට කැප වීමයි. එවිට රටේ අභ්‍යන්තර ගැටුම් ඇති නොවේ. වගකිව යුත්තේ ඔබමය. නිසි නායකයන පත්කර ගැනීමට අපොහොසත් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දිගින් දිගටම, මීටත් එහා ගිය ගැටුම් සිය දහස් ගණනින් ඇසීමට, දැකීමට සහ මුහුණ දීමට සිදුවනු ඇත.

    ඊයේ සිදුවීම පිළිබදව ඩඩ්ලි සිරිසේන මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබේ.  එහිදී ඔහු සටහන් කර තිබෙන්නේ සිසුන් කිහිපදෙනෙකුගේ පීඩනයක් තමන්ගෙන් පිටකළ බවත් එම දරුවන්ට තමන් සමාව ලබාදෙන බවත් ය. එහිදී ඔහු පියෙක් ලෙස, ඔහුට දැනෙන දේ සටහන් කර තිබේ.

    අදාළ ප්‍රකාශය පහතින්,

    කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ ආරධිත දේශනය අතිශය සාර්ථක අයුරින් අද දිනයේදී මා විසින් සිදු කළා.

    මාගේ එම දේශනය අවසානයේ සිසුන් සමඟින් බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදී ඔවුන් සමඟින් තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳීමට මා අමතක නොකළත්, අවසානයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටතට ඒමේදී සිසුන් කිහිපදෙනෙකු විසින් මා යන මඟ අවහිර වන සේ බාධක යොදමින් මාගේ මඟ විනාඩි දහයක කාලයක් පුරාවට අවහිර කරමින් ඔවුන්ගේ සමාජ පීඩනය මා හරහා පිට කිරීමට පෙළඹුණා.

    එම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලම පුරා පැය දෙකකට වඩා වැඩි කාලයක් රැඳී සිටිමින් මාගේ ජීවිත අත්දැකීම් සහ ප්‍රායෝගික ව්‍යාපාර භාවිතය සම්බන්ධයෙන් එම සිසුන් පිරිස දැනුමෙන් සන්නද්ධ කළ මා හට ගතවූ දෙපැය තුළ කවරාකාරයේ හෝ බළපෑමක් නොතිබුණත්, එම දේශනය අවසානයේ මාධ්‍ය ආවරණ සහිතව පසුව සිදුවූ මේ සිදුවීම මනා ලෙස සංවිධානාත්මක අයුරින් කවරෙකු හෝ මෙහෙයවූ සිදුවීමක් බව මා හට පසක් වුණා.

    කවරාකාරයේ හෝ තමන් සතු පටු අරමුණු විශ්ව විද්‍යාල සිසුන් ලවා කොන්ත්‍රාත් ක්‍රමයට මුදුන්පමුණුවාගැනීමට වෙර දැරූ එම කණ්ඩායම සම්බන්ධයෙන් මා තුළ වෛරයක් නොමැති බවත්, ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු සහ දේශිය ව්‍යවසායකයෙකු ලෙස එම සිසුන් කෙරෙහි අනුකම්පා සිතින් තවදුරටත් ආශිර්වාද කිරීමට කැමති බව පහන් සංවේගයෙන් යුතුව මෙසේ මා පසක් කරනවා.

    මට විද්‍යාර්ථයෙකු වීමේ භාග්‍යය නොමැති වුවත් විශ්ව විද්‍යාලය යනු වාදසංවාද පවත්වන තෝතැන්නක් බවත්, ඇතැම් ශිෂ්‍ය සංවිධාන නියෝජනය කරන කිහිපදෙනෙකු විසින් විශ්ව විද්‍යාල පද්ධතිය දකින්නේ තම දේශපාලනයට පමණක් සීමා වූ මතවාදී සිරකඳවුරු නිසාත්, එවැනි සිර කඳවුරු තුළින් රට ගොඩනගන්නට අවැසි පර්යේෂණ හෝ සංවර්ධන දායකත්වයක් ලබා දිය හැකිද යන පැණය මා ඔබ වෙත නඟනවා.

    ආදරණීය සහෘදයිනි, ස්වෝත්සාහයෙන් දියුණුවේ හිණිපෙත්තටම පැමිණි දේශීය ව්‍යවසායකයෙකු ලෙස සැඳෑ සමයේ විවේකීව නිවසට වී කල් ගත කිරීම පසෙක ලමින් මාගේ වටිනා කාලය සහ පෞද්ගලික ධනය විය පැහැදම් කරමින් රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන්නා වූ මේ සමාජ සත්කාරය මෙවැනි ක්‍රිකාකාරකම් හේතුවෙන් කිසිලෙසකින්වත් නවතා නොදමන බවත්, මා හට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික රජයේ සේවකයන් නිර්මාණය කිරීම වෙනුවට මා වැනි ව්‍යවසායකයන් රට තුළ වැඩි වැඩියෙන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම පමණක් බවත් මෙසේ අවධාරණය කරනවා.

    ආදරණීය දරුවනි, ලෝකය වෙනස් කරන බලගතුම අවිය අධ්‍යාපනය බව වරෙක නෙල්සන් මැන්ඩෙලා විසින් ප්‍රකාශ කළා. මා විසින් පුරා තෙවසරක කාලයක පටන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය ඇතුලු සරසවීන් බොහෝ සංඛ්‍යාවක ආරාධිත දේශන සිදුකරමින් රටේ අනාගත ව්‍යවසායකත්ව පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කළා වූ යුතුකම් කොටස මෙකී සුලුතරය විසින් වැරදියට හඳුනාගැනීම සම්බන්ධයෙන් මා කණගාටුවට පත්වන අතර, එම සිසුන් පිරිසට මෙහි සැබෑ අරමුණ සාක්ෂාත් වේවායි ඉතසිතින් යුතුව මා විසින් ප්‍රාර්ථනය කරනවා.

    එ නිසා දරුවනි එන්න. මා රට වෙනුවෙන් කර ඇති දේ සියැසින් දැකගන්න.!

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version