රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවත් , මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම සුදුසු නොවන බවත් , එබැවින් ඇයගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙසත් ඉල්ලමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.
එමෙන්ම ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එය ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් බව සදහන් .
ඒ අනුව අද (06) එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියාමිතව තිබේ.














































