අද (30) දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එය හෙට (31) දිනයේ දී ද ක්‍රියාත්මක වීමට නියමිතය.
රටේ විවිධ ප්‍රෙද්ශයන්ගෙන් වාර්තා වන ඩෙංගු උණ රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමත් සමග මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව නිවෙස් තුළ සහ නිවෙස් අවට මෙන්ම තමන් රාජකාරි කරන ස්ථානය සහ ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා එම ස්ථාන පිරිසිදු කිරීම කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.
මෙම වර්ෂය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 76749ක් වාර්තා වී ඇති අතර පසුගය වසරට සාපේක්ෂව බලන විට එය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.













































