වර්තමානයේ දී රට තුළ ඇති විශාලම ගැටලුව වී ඇත්තේ ඩොලර් අර්බුදයයි.මහ බැංකුව සතු ඩොලර් සංචිත බිංදුවට හිඳී ගොස් ඇති වාතාරණයක් තුළ රටට අවශ්‍ය වන්නේ රටට ඩොලර් ගෙනෙන වැඩ පිළිවෙළකි.
එවැනි ඩොලර් උල්පතක් ලෙස හැඳින්විය හැකි තරු හතේ හෝටලක් පිළිබඳ මේ අතර තුරේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් හෙළිදරව් කරන ලදී.ඒ අඹසෙවන හොල්ඩින්ස් ව්‍යාපාරයේ සභාපති තිසර හේවාවසම් මහතාගේ අනුදැනුම මත සිදුවන ප්‍රොජෙක්ට් එකකි.
තරුණ තරුණියන් රැකියා විරහිතව සිය තරුණ කාලය නිකරුනේ විනාශව යන කාලයක, ඔවුන්ගේ දක්ශතාවයන් යොදා ගැනීමට නිසි වැඩපිළිවෙළක් නොමැති කාලයක ඔවුන් වෙනුවෙන් රැකියා අවස්ථා ද මෙවැනි ව්‍යාපෘති තුළින් බිහිවනු ඇත.
මෙරටට පැමිණීමට විදේශීය බොහෝ ජනප්‍රිය නළු නිළියන් මෙන්ම විවිධ ප්‍රධාන පෙළේ සමාගම් හිමි පිරිස් අපේක්ෂාවෙන් සිටිය ද ඔවුන්ට අවශ්‍ය පහසුකම්, ආහාර හෝ නිසි පෞද්ගලිකත්වයක් නොමැති වීම වැනි හේතූන් නිසා ඔවුන් මෙරටට පැමිණීමෙන් තොරව සිටින බවයි එම මහතා පෙන්වා දෙන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ ඉහළ පෙළේ හොටෙල් පිටරට සමාගම්වලට අයිති ඒවා බවත්, එම හොටෙල්වලින් පැමිණෙන අදායම ඩොලර් වශයෙන්ම එම රටවල්වලට සම්ප්‍රේෂණය වන බවත් ය.එනිසාම මෙරට තුළ ඩොලර් සංචිත රඳවා ගැනීමට අපහසු වී ඇත.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෙවැනි කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දෙමින් එතුළින් රටට ඩොලර් සංචිත ගෙන්වා ගැනීමට සහ ඩොලර් රටතුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු කාලය උදා වී ඇත.
බලධාරීන් ද මේ පිළිබඳ අවධානය යොමු කරමින් රටට ඩොලර් සංචිත ලබා ගැනීමට අවශ්‍ය මෙවැනි කටයුතු රටේ සම්පත් යොදා ගනිමින් නිසි වැඩපිළිවෙළවල් යටතේ සිදු කළ යුතුව ඇත.රටේ තරුණ සම්පත නිකරුනේ ක්ෂය වී යන අයුරු අපට අද දැක ගැනීමට හැක.
එසේ සම්පත් විනාශ වීමට ඉඩ ලබා නොදී ඉන් නෙළා ගත හැකි ඵල නෙලා ගැනීමට කටයුතු කළ යුතු කාලය පැමිණ ඇත.සම්පත් ආකරයක් මත සිට හිඟා කෑ කාලය අවසන් කළ යුතුව ඇත.ඉන් නිසි ඵල නෙලා ගැනීමට කාලය පැමිණ ඇත.
නව අදහස්වලින් සමන්විත තාරුණ්‍යයට ඉඩ දෙමින් රට ඉදිරියට රැගෙන යා යුතුව ඇත.වයස දියුණුවට කිසිසේත් බාධාවක් නොවන බවට කදිම නිදසුන මොහුම විය හැකියි.