තණමල්විල ,ඉදුණිල්පුර,සූරියආර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් බවට වාර්තා වේ.
අදාළ සිසුවා ලණුවක් ආධාරයෙන් සියඹලා ගසක එල්ලී මෙලෙස සියදිවි හානි කරගෙන ඇති අතර ගසේ එල්ලෙමින් තිබූ සිරුර තණමල්විල පොලිසිය විසින් සොයා ගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම වයස අවුරුදු 13ක පාසල් සිසුවෙක් බවට සදහන් වේ.
මෙම සිසුවා මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවූ බවත් තණමල්විල මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන බවත් වාර්තා වේ.














































