සිය පුතාගෙන් දූෂණයට ලක් වූ බාලවයස්කාර දැරියක් සඟවා තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන් .
දැරියක් අතුරුදන් බවට මවකගෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේ දී එම දැරිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වී තිබෙන අතර අනතුරුව එම දැරියගෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇය දූෂණයට ලක් වී ඇති බවයි.
ඒ අනුව පොලිසිය විසින් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරිගල රෝහලට ඇතුළත් කර තිබෙන අතර වෛද්‍ය වාර්තාවක් ලබා ගතහොත් තම පුත්‍රයා ස්ත්‍රී දූෂණයට වරදකරු වන හෙයින් මෙම පොලිස් කොස්තාපල්වරයා දැරියට රෝහලෙන් පැන යාමට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
රෝහලෙන් බැහැරට ආ දැරිය පොලිස් කොස්තාපල්වරයා යතුරු පැදියක නංවාගෙන බිබිල ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසක සඟවා තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව තොරතුරු වසන්කරමින් බාලවයස්කාර දැරියක් නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .














































