ඊයේ (18) රාත්‍රියේ 8.30 ට පමණ වව්නියාව, නෙඩුන්කේනි , ශිවානගර් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස 21 ක තරුණියක් මියගොස් ඇති බව නෙඩුන්කේනි පොලීසිය පවසා ඇත.
පොලීසිය පවසා ඇත්තේ දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නැමති 21 හැවිරිදි අදාළ තරුණිය කිසියම් කටයුත්තක් සදහා නිවසින් එලියට පැමිණි අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති බවයි.
මෙම මියගිය දැරිය සිය පියා සමග ජිවත්ව සිට ඇති අතර අදාළ වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න තවමත් සොයාගෙන නැත.
කෙසේ වෙතත් කණ්ඩායම් කිහිපයක් යොදා මෙම සිද්ධියේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කර ඇත.
එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.















































