ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරසය පැතිරයාම මේ වන විට වර්ධනය වී ඇති බවයි.
2022 වර්ෂයේ මේ වන විට වයස අවුරුදු 15 – 30 අතර නව ආසාදිතයින් 53 දෙනෙකු වාර්තා වී ඇති බවයි වෛද්‍යවරිය සඳහන් කළේ.
2021 වර්ෂයේ දී වයස අවුරුදු 15 – 30 අතර තරුණයින් 25 දෙනෙකු වාර්තා වී ඇති බවත් මෙම වසර වන විට නව ආසාදිතයින් 53 දෙනෙකු වාර්තා වී ඇති බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එමෙන්ම ඇය පෙන්වා දී ඇත්තේ ඒඩ්ස් වෛරසය වැඩි වශයෙන් ව්‍යාපත් වීමට හේතු වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය ආරම්භ වීමත් සමග තාක්ෂණය ළමුන්ගේ අත්වලට පැමිණි අතර ඔවුන් අධ්‍යාපනය මෙන්ම මෙම ජංගම දුරකථන ආදිය තුළින් ලිංගික සම්බන්ධ විඩියෝපට නරඹා එතුළින් ඔවුන්ගේ ලිංගික උත්තේජනය වර්ධනය වීම මෙයට බලපා ඇති බව ඇය සඳහන් කරයි.
අද වන විට ජංගම දුරකථන භාවිතය තරුණ පරම්පරාවට මෙන්ම සිසු පරම්පරාවට ද පිළිලයක් වී අවසන් ය.ඔවුන්ගේ මානසික පැතිකඩ මෙන්ම ශාරීරික සෞඛ්‍ය ද විශාල වශයෙන් පිරිහෙමින් පවතියි.
ඒ අතර මෙම ඒඩ්ස් වෛරසය බොහෝසෙයින් තරුණ පරම්පරාවට බලපෑම් කිරීමට මේ වන විට ආරම්භ කර ඇත.ඒඩ්ස් වෛරසය තුළින් ශරීරයේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියම අඩපණ කරනු ලබයි.
ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යනු ලබන මෙම ඒඩ්ස් වෛරසයට තවමත් නිසි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට හැකිවා ලැබී නොමැත.කෙසේ නමුත් රටේ තරුණ පරම්පරාව මෙම අනතුරින් ගලවා ගැනීමට යම් දැනුවත්කරන වැඩසටහන් හෝ ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත.















































