English
සිංහල
09:58 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තරුෂි පුංචි කෙල්ල ආණ්ඩුකාරයාට සහ බලධාරීන්ට තරු පෙන්නුවේ මෙහෙමයි. පුහුණු වීම් සඳහාවත් කිසිම පහසුකමක් නොමිලේ ලබා දී නෑ.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • තරුෂිට එරෙහිව තිබෙන ප්‍රශ්න පෙන්වා දෙන්නේ 2022 දෙසැම්බර්.!
    • පළාත් බලධාරීන් සියල්ලම කර තිබෙන්නේ හිතාමාතාමයි!
    • ආණ්ඩුකාර තැනට බලධාරීන් ඇත්ත කියලා නැතිද?
    • පුහුනුවීම් සදහාත අවශ්‍ය පහසුකම්වලටත් මුදල් කරලා!.
    • ප්‍රශ්න මාධ්‍යයට දුන්නා යයි තරුශිට තර්ජන වැඩි වෙලා !.
    • මධ්‍යම පළාත් බලධාරීන්ට තරුෂි ඇණයක් වෙලා!.
    • බලධාරීන් සියල්ලම මුදලට දීලා!

    මහනුවර දිස්ත්‍රික්කයේ වලල, ඒ රත්නායක විද්‍යාලය තුලින් මළල ක්‍රීඩාවට දායාද වූ තරුෂි කරුණාරත්න තායිලන්තයේදී පැවැත් වූ  25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට (16) සමත් වූවාය. ඇය එම ඉසව්ව මිනිත්තු 2:00.66 කින් නිම කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට දක්ෂ විය.  ඇය එම ගමන් මග ගියේ මධ්‍යම පළාත් සභාවේ වගකිව යුතු සියලුම බලධාරින්ගේ දැඩි තාඩන පීඩන මැදය. දැඩි ආර්ථික අහේනියකින් පෙළුනත් ඇය තම ගමන යන්නේ ඇයට උපකාර කරනා තවත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන මිනිසුන්ගේ පෞද්ගලික උපකාර මතිනි.

    ඇයට තිබෙන ප්‍රශ්න සහ පළාත් සභාවේ සමහරුන්ගේ දුෂිත ක්‍රියාවන් ඇයට විරුද්ධව සිදුවන බව අප පෙන්වා දුන්නේ 2022 දෙසැම්බර් මස 11 වැනි දාය ( අපගේ එම පුවත පහතින් දක්වා තිබේ). නමුත් පළාත් ආණ්ඩුකාරවරයාවත් එම දැරිවිය/ ක්‍රීඩිකාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැත. නමුත් සියලුම බාධක ජයගෙන තරුෂි තම ගමන සතුටින් යන්නීය. එම ගමන මධ්‍යම පළාත් බලධාරීන්ගේ ඇසේ කටු ඇනීමට හේතුවක් වී තිබේ. රාජ්‍ය බලධාරීන් නොහොත් මහජන මුදලින් යැපෙන නිලධාරීන් නැතත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට කණ්ඩායමක් සිටි. කෙසේ නමුත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර, ආණ්ඩුකාර ලේඛම් ඇතුළු ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් වගකිව යුතු රාජ්‍ය බලධාරීන් තරුෂි සමග බද්ධ ෛවරයෙන් සිටින බවට පෙනෙන හේතු කිහිපයක් තිබේ.

    “තරුෂි කෙලෙහිගුණ නොදන්නා දරුවෙක්” බව මධ්‍යම පළාතේ ප්‍රධානියෙක් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. එසේම තරුෂිට පළාත් සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂක විසින් ලබා දියයුතු කිසිදු අවස්ථාවක් හෝ පහසුකමක් ලබා ආදී නැත. අප ඒ බවද පසුගිය වර්ෂයේ වාර්තා කළේය. අපගේ පසුගිය වර්ෂයේ වාර්තාව සමග ගත් විට පැහැදිලිවම තරුෂිගේ ඉදිරිගමනට බාධා කරනුයේ මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බවයි.

    ආණ්ඩුකාරවරය ක්‍රීඩා නොකලත්, මේ වන විට ආණ්ඩුකාරවරයාට චෝදනාවක් එල්ලව තිබේ. එම චෝදනාව ඔහුට එල්ල වන්නේ අප පසුගිය වර්ෂයේ පලකල පුවතට අවශ්‍ය කටයුතු නොකළ නිසාය. අප එදින පෙන්වා දුන් ආකාරයෙන් ආණ්ඩුකාර තැන කටයුතු කලේ නම් ආණ්ඩුකාර තැන වැඩකාරයෙකි. තරුෂි ජාත්‍යන්තරය ජයගත හැකි බවත්, එය රටට කීර්තියක් බවත් පෙනීමට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකට මොලයක් තිබිය යුතුය. එසේ නොපෙනුණු නිසා අප එය පෙන්වා දුන්නේය. අප එය පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය වෙනුවෙන් වෙනමම ලියා තිබේ. නමුත් ආණ්ඩුකාර තැනගේ නිද්‍රාව හෝ, ඔහුව නොමග යැවීම හෝ නොදැනුවත් වීම මත තරුශිට නොසැලකීමේ වරද ආණ්ඩුකාරයාගේ මතට වැටි තිබේ. මේ අප පසුගිය වර්ෂයේ පලකල වාර්තාවයි. එහි සම්පුර්ණ වාර්තාව පහත දිගුවෙන්ද කියවිය හැකිය.

    පසුගිය වර්ෂයේ අපගේ පුවත් වාර්තාවෙන් කොටසක් උපුටාගෙන නැවත පළකෙරේ.

    “ ඉහත කරුණු හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් දිගන පළාත් ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදුකරගෙන යන ලද්දේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජගත් කීර්ති මහතාගේ පුර්ණ සහයෝගය මතය. එහිදී ක්‍රීඩා පිටියේ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු නොමිළේ කර ගැනීමට අවස්ථාව දී තිබේ.

    හිටපු අධ්‍යක්ෂක ජගත් කීර්ති මහතා වෙනුවට නව මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක පැමිණීමත් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම ඛේදනිය දුක්බර වර්තමානය උදා වී තිබේ. නව අධ්‍යක්ෂක වරයා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉහතින් සදහන්ව තිබු පහසුකම් සියල්ලසියල්ලම මුදල් ගෙවා ලබා ගන්නා ලෙස දන්වා තිබේ. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ක්‍රීඩාංගනවල ඕනෑම ප්‍රදේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සියල්ලම නොමිලේ ලබා ගැනීමට හැකියාව පවතී. නමුත් පළාතේ ක්‍රීඩාව දියුණු කල යුතු මධ්‍යම පළාතේ ක්‍රීඩා සංවර්ධනය උදෙසාම ස්ථාපිත කර ඇති මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන දිගන පළාත් ක්‍රීඩාංගනයේ තත්වය අති සෝචනීවේ.  

    එම ක්‍රීඩාංගනයේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණු පැයකට රු 30 කුත් කායවර්ධන පුහුණුව සදහා පැයකට රු 300 කුත් ගෙවා පුහුණුවීම් කරගෙන යන ලෙස නව අධ්‍යක්ෂක වරයා විසින් දැනුම් දී තිබෙන්නේ රටේ බොහෝ රාජ්‍ය නිලදහරින් සේ ඔහුගේද මඩිය තරකර ගැනීමට විය යුතුය.

    2022 දෙසැම්බර් මස පැවති මාධ්‍ය සාකච්චාව පහතින්

     නව අධ්‍යක්ෂක වරයා විසින් හදුන්ව දී ඇති මුදල් ගෙවා පුහුණු වීම් ලබාගන්නා ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අවමය මසකට රු 5000 කට අසන්න මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. දරුවන්ගේ පෝෂණ මට්ටම, ධාවන පාවහන් යුගළ, ධාවන ඇදුම් හා අනෙකුත් ධාවන උපකරණ සදහා මුදල් අපහසුවෙන් සොයා ගන්නා දරු දැරියන් හට අමතරව තවත් මුදලක් පුහුණු වීම් සදහා වැය කිරීමට සිදු වීම යනු දරු දැරියන් කබලෙන් ලිපට වැටීමය. නමුත් අධ්‍යක්ෂකවරයාට රජයෙන් විශාල වැටුපක් සහ යාන වාහන ඇතුළු සියලුම සැප සම්පත් ලැබේ.

    එසේම පෙර පරිදි පුහුණුවීම් කරගෙන යාමට දරුවන් අවසර ඉල්ලන විට  මෙම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘සමහර’ නිලදාරීන් පරුෂ වචනයෙන් පවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැන වැදී තිබේ. නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ බදු මුදලින් බවත්, ඔවුන්ගේ කර්තව්‍ය වන්නේ මෙම දරුවන් රටට හිතැති ලෙස නිර්මාණය කිරීමට බවත් නොදැනෙන්නට තරම් මෙම නිලධාරීන් දූෂිතව තිබේ.

    එසේම මෙම ඒකාධිපති මන්ධ බුද්ධික  ක්‍රීඩා අධ්‍යක්ෂකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න හා ගැටළු ඉදිරිපත් කිරීමවත් අවස්ථාවක් ලබා දී නැත. නමුත් විනය පරීක්‍ෂණ ද නොතබා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයකු හට සති දෙකක පුහුණු තහනමක්ද පනවා තිබේ. මෙම තත්වය හේතු කොට ගෙන මෙම ක්‍රීඩාංගනයේ පුහුණුවන  කනිෂ්ඨ, ජාතික, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මළල ක්‍රීඩාවට සමු දීමටත් වෙනත් පළාත් වල ක්‍රීඩා සංගම් වෙත බැදීමටත් අවධානය යොමුව තිබේ.

    රටක් ගැන නොහිතන, රටේ අනාගත පරපුර ගැන නොහිතන අශිෂ්ඨ සම්පන්න බලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මේ මියැදෙන්නේ  ලක් මාතාව හෙට දිනයේ රනින් සරසන්නට සැරසෙන පුංචි මල් කැකුළුය. මෙම ක්‍රියාව මධ්‍යම පළාත් මළල ක්‍රීඩාව පමණක් නොව රටටම එල්ල වී තිබෙන මාරු පහරකි.

     කොවිඩ් වසංගත කාලයේදීත් අනෙකුත් ක්‍රීඩාංගන වසාදමා  මෙම ක්‍රීඩාංගණය නොවසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු වීම් සදහා විවෘතකර දීමට ඉමහත් හිටපු අධ්‍යක්ෂකවරයා මහත් වෙහෙසක් දරා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස දකුණු ආසියා ක්‍රීඩා සඳහා සහභාගි වූ දිල්සි  කුමාරසිංහ රන් පදක්කම් 3ක් දින ගැනීමට සමත් විය.

    මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර වලල ඒ රත්නායක විද්‍යාලයේ මෙන්ම මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ආරක්ෂා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කෙරේ”.

    ලෙස අප ලිපිය අවසන් කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ එක්කෝ ආණ්ඩුකාර තැන දැනගෙන නිහඩව සිටි බවයි. එසේත් නොමැති නම් පළාත් ලේඛම්ගේ සිට වගකිව යුතු සියලුම දෙනා සියලුම කරුණු යටපත් කරමින් ආණ්ඩුකාර තැන දැනුවත් නොකළ බවයි. ඒ අනුව අප සඳහන් කර තිබෙන වංචා, දූෂණ සියල්ලම සත්‍ය ලෙස ඔවුන් පිළිගෙන තිබේ.මේවාට ඔවුන් පිළිතුරු ලබා නොදිමෙන්ම එය තහවුරු වන අතර තරුෂි ජයග්‍රහණය කරා මෙයවීම වෙනුවට ඇයට අපමණ තාඩන, පීඩන එල්ලකළ බව මේ වන විටත් මාධ්‍ය මගින් අනාවරණය කර අවසන්ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයට දැන් කිරිමට් තිබෙන්නේ අනුන්ගේ කේලාම් ඇසුවේ නම්, ඒ වෙනුවට අප පසුගිය වර්ෂයේ පළකර තිබෙන වාර්තාව නැවත වරක් කියවා බලා සත්‍ය තේරුම්ගෙන, තමන්ගේ නිලධාරීන්ගෙන් සිදුව තිබෙන වරද වටහා ගැනීමය.

    තරුෂි රටට පමණක් නොව ලෝකයටම සම්පතකි. ඒ සියලුම ප්‍රබල බාධක වලට පයින් ගසමින් ඇය ඇයගේ ගමන යන්නේ, දුර්වල පුද්ගලයන්ට පාඩමක් උගන්වමිනි. දේශපාලනය තම බලය කරගත් දුෂිත මිනිසුන්ට ඇය පාඩමක් උගන්වා තිබෙන්නේ දවල් තරු පෙනෙන්නටය. තම පළාතේ රාජ්‍ය බලධාරීන්ගේ කිසිදු ආධාරයක් හෝ උපකාරයක් නොමැතිව, ඔවුන්ගේ කටුක බාධක වලට පයින් ගසමින් හිතේ ශක්තියෙන් තම ජයග්‍රහණ කරා ඇය ගියේය. ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙන තරුෂි කරුණාරත්නට අපගේ ද සියලු ආශිර්වාදයන් එකතු කරන්නේ ඇය දිරිය දියනියක් නිසාය.

    www.ravanalankanews.lk  

    පසුගිය වර්ෂයේ අපගේ වාර්තාව. මාධ්‍ය සාකච්චාවේ වීඩියෝව පුවතට පහලින් දැක්වේ. (2022).

    මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක හෙනයක් වෙලා. ආණ්ඩුකාරතුමනි!, ඔබ කොහෙද?.
    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version