English
සිංහල
09:02 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ත්‍රස්තයන් මරා දැමු ඇගේ 69 වෙනි උපන් දිනය අදයි

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    .


                                                                                       එහෙත් එය සමරන්නට අද ඇය ජීවතුන් අතර නැහැ.                                                                               

    ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ ආචාර්ය, රාජිනී තිරාණගම.

    1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය 1989 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින , LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන්නෙ, ඇගේ 35 වෙනි වියේදි.

    මිය යන විට ඇය යාපනය සරසවි වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද විද්‍යා දෙපාර්තමේන්තුවේ ( Department of Anatomy ) අංශ ප්‍රධාන ආචාර්ය වරියයි.

    ඇගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති A. රාජසිංහම්.

    උපතින් රාජනී රාජසිංහම් වන ඇය යාපනයේදි ජන්ම ලාභය ලබන්නෙ, දියණියන් සිව් දෙනෙක් ඇති ද්‍රවිඩ ක්‍රිස්තියානි පවුලක දෙවෙනි දරුවා ලෙසයි.

    ඇගේ සොහොයුරියන් වන නිර්මලා, සුමති හා වාසුකී මෙන්ම ඇයත් ඉගෙනුම ලබන්නෙ යාපනය විද්‍යාලයේ. කෙටි කලක් පමණක් ඇය යාපනය නගරයේ පිහිටි චුන්ඩික්කුලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනව.

    ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වන ඇය 1973 වසරෙදි කොළඹ සරසවි වෛද්‍ය පීඨයට ඇතුල් වෙනව.

    එහිදී ඇය ශිෂ්‍ය දේශපාලනයට සක්‍රියව දායක වෙනව.

    ඇයට එකල කැළණිය සරසවියේ ශිෂ්‍ය දේශපාලන නායකයකු වන දයාපාල තිරාණගම මුණ ගැසෙනව. සිංහල බෞද්ධ පවුලක උපන් ඔහු උපාධියට හැදෑරුවෙ භූගෝල විද්‍යාවයි.

    සියළු ආගමික හා වාර්ගික බාධක බිඳ දමමින් ඇය සහ ඔහු විවාහ වන්නෙ, 1977 වසරෙ අගෝස්තු මස 28 වැනි දිනයෙ.

    1978 වසරෙ වෛද්‍ය විද්‍යා උපාධිය ලබන ඇය යාපනය මහ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක ලෙස සේවය කරනව.

    1979 වසරෙ ඇය හල්දුම්මුල්ල රෝහලේ සේවය කරනව.

    පසුව ඇය 1980 වසරෙදි යාපනය සරසවියේ අළුතෙන් ඇරඹූ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද විද්‍යා ආචාර්ය වරියක ලෙස සේවයට එකතු වෙනව.

    එවකට LTTE සාමාජිකාවකව සිටි ඇගේ වැඩිමල් සොහොයුරිය වන නිර්මලා මගින් LTTE සංවිධානයට සම්බන්ධ වෙනව.

    තුවාල ලබන LTTE ක්‍රියාකාරිකයන්ට ඇය ප්‍රතිකාර කරනව.

    පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයක් ලැබ ඇය 1983 වසරෙ එංගලන්තයට යන්නෙ, ලිවර්පූල් වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා කාය ව්‍යවච්ඡේදය ( Anatomy ) හැදෑරීමටයි.

    එහිදී ඇය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 1982 දී අත් අඩංගුවට ගෙන සිටි තම සොහොයුරිය වන නිර්මලා නිදහස් කර ගැනීම හා එවකට මෙරට සිටි ඉන්දියානු සාම සාධක හමුදාව මගින් උතුරේ දෙමළ ජනයාට සිදුවන හානියට එරෙහිව අරගලයක් දියත් කරනව.

    ඇය තම අධ්‍යයන කටයුතු කරන අතරම කාන්තා සහ මානව හිමිකම් පිළිබඳ සංවිධාන සමග ද එකතු වී දැනුවත් කිරීම් කරනව.

    අවිගත් කණ්ඩායම් වලින් සිදුවන ඝාතන පිළිබඳව සංවේදී වන ඇය අවසානයේ LTTE සංවිධානයේ පටු ජාතිවාදය අවබෝධ කර ගන්නව.

    ආපසු සිය රටට පැමිණි ඇය යාපනය සරසවියේ සේවයට එකතු වෙනව. එහි මානව හිමිකම් පිළිබඳ ආචාර්ය වරුන්ගේ සංගමය පිහිටුවීමට සක්‍රියව දායක වෙනව.

    LTTE සංවිධානය සහ IPKF ( ඉන්දියානු සාම සාධක හමුදාව ) මගින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සාක්ෂි ඇතුලත් ” The Broken Palmyra ” නම් කෘතිය ඇගේ ද සම කතුවරත්වයෙන් පළ කරනු ලබනව.

    80 දශකයේ යාපනයේ ප්‍රචණ්ඩත්වය ගැන ලියවුණු එම අමිල කෘතිය ” බිඳුණු තල් රුක ” නමින් සිංහලට ද පරිවර්තනය කරනු ලබනව.

    පොත ප්‍රකාශයට පත් කර සති කීපයකට පසු ඇය සරසවියේ සේවය නිම කර ආපසු තම නිවස වෙත පාපැදියෙන් එමින් සිටියදී තිරුනෙල්වෙලි වල පිහිටි ඇගේ නිවස ආසන්නයේදිම අවි ගත් අයෙකු ඇයට වෙඩිතබා ඝාතනය කරනව.

    වෙඩි හඬ නිවසේ සිටි ඇගේ කුඩා දියණියන් දෙදෙනට පවා ඇසෙනව.

    ඒ වනවිට දයාපාල තිරාණගමයන් කොළඹට ඇවිත්.

    තම ජීවිතයේ කවදාවත් ඉන් පෙර නොදුටු කාන්තාවක් කොළඹට පැමිණ ඔහු මුණ ගැසී ඇගේ වියොව තමාට දැනුම් දුන් මොහොත දයාපාල තිරාණගමයන් සංවේදී ව සිහිපත් කරනව.

    1989 වසරෙ සැප්තැම්බර් මස 25 වෙනි දින නල්ලූර් හි ඇගේ පවුලේ සුසාන භූමියේ ඇගේ දේහය මිහිදන් කරනව.

    තම දිවියේ වඩාත්ම කටුක,වඩාත්ම වේදනාත්මක හා වඩාත්ම අපහසු ගමන එදින තම දියණියන් දෙදෙනගේ අතින් අල්ලාගෙන සුසානය වෙත ගිය ඇගේ අවසන් ගමන බව පසුව දයාපාල තිරාණගමයන් ලියා තබනව.

    1978 උපන් නර්මදා දියණිය දැන් එක්සත් රාජධානියේ වෙසෙනව.

    1980 උපන් ශාරිකා දියණිය එක්සත් ජනපදයේ වෙසෙනව. ඇය විවාහ වී සිටින්නෙ ස්ටැන්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ තෝමස් බ්ලොම් හැන්සන් සමගයි.

    2005 වසරෙදි කැනඩාවේ ජාතික සිනමා මණ්ඩලය මගින් නිර්මාණය කළ ” No More Tears Sister ” නම් වාර්තා චිත්‍රපටයේ තම මවගේ භූමිකාව රඟ දක්වන්නෙ ශාරිකා තිරාණගම දියණියයි.

    රාජිනී තිරාණගම නම් අකල් හි දැයට අහිමි වූ ඒ දිරිය දියණිය ලියා තැබූ අනාවැකියකින් මේ සටහන අවසන් කරන්නෙ අද වැනි දිනයක ඇයට දක්වන උපහාරයක් ලෙසයි.
    ” One day some gun will silence me and it will not be held by an outsider but by the son born in the womb of this society, from a woman with whom my history is shared . ” ” එක්තරා දිනයක ගිනි අවියක් මගින් මා නිහඬ කරවනු ඇත. එය උසුලනු ඇත්තේ පිටස්තරයකු විසින් නොව මගේ ඉතිහාසය මා සමග බෙදා හදා ගත් මේ සමාජයේම ගැහැණියකගේ ගර්භාෂය තුළින් බිහි වූ පුතෙකු විසිනි. “

    උපුටා ගැනීමකි

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version