English
සිංහල
03:26 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ත්‍රස්ත පනතට එරෙහිව සමගි නීතිවේදීන් අධිකරණයට

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සියයට සියයක්ම ස්වාධින මාධ්‍ය ආයතනයක් ලෙස කටයුතු කරන අප දකින්නේ වර්තමාන රජය මහජනතාව පාලනය කිරීම උදෙසා, අනාගතයක් ගැන නොසිතා, විවිධ නීති අණපනත් රැගෙන එන බවයි. මෙසේ ගෙන එනු ලබන අණපනත් වලින්, ඒ වෙනුවෙන් අත් උස්සා අනුමත කරන උදවියගේම බෙලි කැපෙන බව ඔවුන් හදුනාගෙන නැත. එසේ හදුනා නොගත් තවත් පනතක් ලෙස ඔවුන් ඉදිරිපත් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනතයි.

    එවන් පසුබිමක් තුල නැවතත් ගෙන ඒමට උත්සාහ කරන මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිදාන පනත තුළ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බරපතල ප්‍රතිපාදන අන්තතර්ගතකර තිබෙන බවත් මෙම පනත පරාජය කිරීමට නීතිඥයින් ලෙසත්, සමගි ජන බලවේගය පක්ෂයක් ලෙසත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව නීතිඥ තාරක නානායක්කාර මහතා ප්‍රකාශ කරන ලදී.

    මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඉදිරිපත්කල අදහස් පහතින් දැක් වේ.

    ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැක්වූ අදහස්,

    “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. උතුරේ ත්‍රස්තවාදය පාලනය කිරිමට නීති නොමැති නිසා තමයි 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිදාන පනත ගෙනාවේ. මේ පනත වසර 40 ක් පමණ භාවිතා කරලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවනවිටත් තාවකාලික විධිවිදාන පනත තිබුණා. මේ පනත රාක්ෂස පනතක්. මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන බරපතල ප්‍රතිපාදන තිබෙන පනතක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිදාන පනත. මේ පනත හරහා තවම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගන්න නොහැකි වෙලා තිබෙනවා. ප්‍රති ත්‍රස්ථ පනත සහ ත්‍රස්ත විරෝධි පනත යන පනත් දෙක ආණ්ඩු ගෙන ඒමට උත්සහ කළා. මේ පනත් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිදාන පනතටත් වඩා දරුණු ප්‍රතිපාදන ගේන්න ආණ්ඩුව උත්සහ කළා.

    ජනවරමක් නැති ආණ්ඩුවට සහ ජනවරමක් නැති ජනාධිපතිට විරුද්ධව රටේ ජනතාව නැගිටින බව ඔවුන් දන්නවා. ඒ වගේම ජනතාවට පීඩනයට පත් කරමින් වැඩි බදු වැඩි කරමින් ආර්ථිකය බංකොලොත් කරමින් ගමන් කරන ගමන නිසාත් ජනතාව පාරට බහින බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා ත්‍රස්තවාදය මර්දනය කරන්න පනතක් ගේන බව පවසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීම් , විරෝධතා සහ ජනමාධ්‍ය වලින් එල්ල වන විරෝධතා පාලනය කරන්න ආණ්ඩුව විසින් ත්‍රස්ත විරෝධී පනත හරහා ප්‍රතිපදන වෙන් කරගෙන තිබෙනවා.

    පරණ පනත අනුව ත්‍රස්තවාදී වරදක් සිදුකරනු ලබන ඕනෑම අවස්ථාවක අධිකරණ නියෝගයකින් තොරව ආරක්ෂක ඇමැතිවරයාට රැඳවුම් නියෝග නිකුත් කරන්න පුලුවන්. අලුත් ත්‍රස්ත විරෝධී පනත හරහා ආරක්ෂක ලේකම්වරයාට පුලුවන් අධිකරණ නියෝගයකින් තොරව මාස දෙකක් රැඳවුම් නියෝග නිකුත් කරන්න. ආරක්ෂක ලේකම්වරයා පත් කරන්නේ ජනාධිපති. ජනාධිපතිගේ එහෙයියෙක් තමයි ආරක්ෂක ලේකම්වරයා.
    ඔහුට පුලුවන් වෙනවා ත්‍රස්ත විරෝධී පනත හරහා වරදක් කළැයි කවුරුන් හෝ පුද්ගයෙකුට චෝදනා නගලා මාස දෙකක් රැඳවුම් භාරයේ තබා ගන්න. ඒ පුද්ගලයා වෙනුවෙන් අධිකරණයේදී සටන් කළත් ඒ වෙද්දී ඒ පුද්ගලයා රැඳවුම් භාරයේ මාස දෙකක් ඉදලා ඉවරයි.

    ජනතාව බය කිරිමේ , ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා කඩාකප්පල් කිරිමේ , ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීම් පාලනය කිරිමේ ක්‍රමවේදයක් විදිහට රැඳවුම් නියෝග භාවිතා කරන්න මොවුන්ට හැකියාව තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධය දෙයක් ප්‍රකාශ කළොත් ආරක්ෂක ලේකම්ට පුලුවන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයා වෙනුවෙන් මාස දෙකක රැඳවුම් නියෝග ලබාගන්න. ආණ්ඩුව මේ ආකාරයට කොටු කරන්න හදන්නේ ත්‍රස්ථවාදීන්ව නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව මත පල කරන සිවිල් ක්‍රියාකාරීන්ව.භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ සංවිධානගතවීමේ නිදහස කොටුකරන්න නිර්මාණය කරපු වැඩපිළිවෙලක් තමයි ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වෙන්නේ.

    ත්‍රස්වාදීන්ව පාලනය කරන්න තිබෙන ක්‍රමවේදයක් සාමන්‍ය පුරවැසියන් වෙනුවෙන් යෙදෙව්වොත් එයින් වන ප්‍රජාතන්ත්‍රවාදී කඩාවැටීම හිතා ගන්නවත් බැරිවෙයි. ත්‍රස්ථ විරෝධි පනත් කෙටුම්පත වැනි රාක්ෂස පනතක් ගේනන ඉඩ දුන්නොත් රටේ ජනතාවට ජනවරමක් නැති ආණ්ඩුවේ සහ ජනවරමක් නැති ජනාධිපතිගේ පාලනයට නතු වෙන්න සිද්ධ වෙනවා. මේ පනත පරාජය කරන්න නීතිඥවරු ලෙසත් සමගි ජන බගවේගය ලෙසත් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. “

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version