දැනට ගැසට් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සමගි ජනබලවේගය විරුද්ධ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධව අධ්‍යනය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.මෙම පනත් කෙටුම්පත තුළ යම් ගැටලුවක් ඇති බව අදාළ කමිටුව නිර්දේශ කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම පනත සකස් කර ඇත්තේ ජාත්‍යන්තරය තුළ පිළිගත් මූලධර්මයන්ට අනුව බව අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































