තිරුඟු පිටි මිල තවදුරටත් රු.25කින් පහත දැමූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
තිරිඟු පිටි මිල අඩු වුව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවයි.
තිරිඟු පිටි මිල ගෙවී ගිය සතිය තුළ දී රු.110කින් අඩු වී තිබුණ ද බේකරි නිෂ්පාදන තවමත් පැවති මිල ගණන් ඔස්සේ අලෙවි වනු ලබයි.













































