“තුන් හෙලේ ගිනි” තැබූ සින්දුව නිර්මාණය කර , “ජනමනසට ගිනි තැබූ” ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට ප්‍රධානතම භූමිකාවක් සැකසු එක පුද්ගලයෙකු වන්නේ සුදත්ත තිලක්සිරි මහතාය. එලෙසම එම පාලනය අවසන් කිරීම සදහා ගෝඨාභය ප්‍රමුඛ රජයට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ නිකුත් කලේද ඔහුමය.
ඔහු එසේ කරමින් මේ වන විට විවිධ ප්‍රදේශවල දුගී ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරමින්, වෙහෙර විහාරස්ථාන වලටද විවිධ උපකාර කරමින් දැවැන්ත සමාජ මෙහෙවරක නිරතව සිටි. නමුත් ඔවුන්ගේ කර මතින් පැමිණි කිසිම දේශපාලන බලවතෙකු තමන්ගේ පුද්ගලික ධනය භාවිතා කරමින් ජනතාවට සේවයක් නොකළ අතර මහජන මුදල් ඔවුන් මංකොල්ලා කෑවේය. ඔවුන් ඒවා ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පමණක් භාවිතා කළේය. එහි ප්‍රතිපලය දැන් අප සියලුම දෙනා අත් විදිමින් සිටින්නේය.
කෙසේ නමුත් ජනාධිපතිවරයෙකු බිහි කිරීම වෙනුවෙන් සින්දුවක් නිර්මාණය කර, රටේ ජනතාව “බින්දුවටම බැස්සු” පාපය නිවා ගැනීම සදහා ඔහු මේ වන විට තවත් ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අඩු ආදායම් ලාභී පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමයි. එහි ප්‍රථම වැඩසටහන් අද අ/ දුනුමඩල කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේදී ආරම්භ විය.
මේ සඳහා දෙස් විදෙස් පරිත්‍යාග ශීලින් සමග සරසවි පොත් හලද අවශ්‍ය අනුග්‍රහය දිගින් දිගටම ලබා දීමට එකඟතාවය ලබා දී තිබේ.
එබැවින් පරිත්‍යාගශීලී ඔබටත් ඔහු සමග එක් විය හැකිය. එසේම ඔබේ පාසලේද අඩු අදායම් ලාභී දරුවන් සිටි නම් පහත දැක්වෙන දුරකථන අංක අමතා තොරතුරු ලබා දෙන්න. මාධ්‍ය අනුග්‍රහය සුධා මිඩියා නෙට්වර්ක් සමග ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයද එකතුව සිටී. www.ravanalankanewas.lk . 0776577540, 0710866060