බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඉන්දු – ලංකා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලයේ සියලුම තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියාවට අයිති වී අවසන් බවයි.
එක්සත් ජාතික පක්ෂය විසින් අත්සන් ලබන ලද ඉන්දු – ලංකා ගිවිසුමට අනුව තෙල් ටැංකි සංකීර්ණය සදාකාලිකවම ඉන්දියාවට පවරා ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේ.
ඔහු පවසන්නේ ඉන්දියාවට ලබා දීමට තෙල් ටැංකි 85ක් අප සතුව නොමැති බවත් මේ වන විටත් ඒ සියල්ල ලබාදී අවසන් බවත් ය.
එම අයිතිය නැවත ලබා ගැනීම සඳහා තමන් සටන් වදින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.















































