බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් යුක්තව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සූදානම්ව පවතින බවයි.
ඒ සඳහා අවශ්‍ය බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ වන විට ගොඩබාමින් පවතින බවත්, තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත බවත් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ගුවන් යානා ඉන්ධන තොගයක් ද අද (20) රාත්‍රියෙහි ගොඩබෑමට නියමිත බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.













































