සමාජ මාධ්‍ය ඇතැම් විටෙක පිළිලයක්ව දුටුව ද, එය තවත් විටෙක මානව හදවත් දැඩිව ස්පර්ශ කිරීමට සමත්වන අවස්ථා අපට දැක ගැනිමට හැකිවේ.මේත් එවන් සිදුවීමක් පිළිබඳවයී.
මෙහි කථා නායිකා චරිතය හිමි වන්නේ පුංචි මල් කැකුළකට විම අප සියලු හදවත් දයාවෙන් ස්පර්ශ කිරීමට හේතු විය.සිය මව සමග ඇය වෙසක් සැරසිලි රැගෙන යාමට නගරයට ආවා විය හැක.නැතහොත් නිවසේ අඩුපාඩු රැගෙන යාමට සිය මව සමග පසුපස එල්ලී ආ මේ සිඟිත්තියට සිදු වූයේ අද වන විට මගතොට දී දක්නට ලැබෙන වැඩිහිටියන් මෙන් සිය මවගේ මෝටර් සයිකලය තල්ලු කිරීමටයි.අද වන විට මෙරට තුළ බොහෝ සාමාන්‍ය ජනතාව මහමග තෙල් පෝලිම් අසල ගැටෙන අයුරු දැන් අපට සුලබ දසුනක්ව ඇත.
කෙසේ නමුත් මෙවන් මල් කැකුළක් ගිනි අව්වේ විඩාපත්ව පීඩා විඳිමින් සිය මව සමග යතුරු පැදිය තල්ලු කරන්නේ ඇයට ඇති හැකියාවකට නම් නොවන බව අපට සක්සුදක් සේ වැටහෙනු ඇත.සිය මව කෙරෙහි පවත්නා දයානුකම්පාව හේතුවෙන් ඇය සිය සිඟිති අත්වලින් මෙසේ මවට සහය වනවා ද නැතහොත් ඇය කෙළිදෙලෙන් මෙසේ සිදු කරනවාද යන්න නම් අපට නිශ්චිතව කිව නොහැක්කක් වුවත් මෙවන් මල් කැකුළු කොපමණ නම් මෙසේ පීඩා විඳිනවා ඇත් ද?
මෙම වයසේම පසුවන ධනය බලය හිමි ඇත්තන්ගේ දරුවන් AC කාමර තුළ සැප විඳිනා විට සාමාන්‍ය පවුලක උපත ලද දරුවන්ට හිමි වන්නේ මෙවන් ඉරණමක් ද?විඩාපත්ව කුසගින්නේ මෝටර් සයිකලය මතම නින්දට වැටී සිටිනා පුංචි දියණිය වැනි කුඩා මල් කැකුළු කොපමණ මෙසේ පීඩාවට පත්වනවා ඇත්ද?මෙවැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දුන්/දෙන මිනිසුන් තවත් කොතෙක් මේ සමාජය තුළ සිටිනවා ද?
රටේ අනාගතය භාරව සිටිනා මේ පුංචි පරපුර මෙසේ පීඩා විඳින්නේ නම් රටේ අනාගතය ගැන කුමක් පවසන්නද?අප නොදකිනවා වුවත් මෙරට තුළ මෙවන් පිපෙන්නට වෙර දරන මල් කැකුළු කොපමණ නම් මෙසේ පීඩාවට පත්වනවා ඇත්ද? තවදුරටත් අපේ මව් දෙරණේ අනාගත පරපුර පීඩාවන්ට ගොදුරු නොකොට ඔවුන් රැක ගනිමින් රට වැටී සිටින ආගාදයෙන් ගොඩ ගැනීමට සැවොම එක්ව කටයුතු කරමු.පක්ෂ භේද,කුල ආගම් ජාති භේද මේ වන විට බොහෝ දුරට සමාජය දුළින් තුරන් වෙමින් පවතින බව පසුගිය කාලය තුළ පැවති ජනතා අරගල තුළ දී අප දුටිමු.
එවන් මිනිස් පරපුරක් වෙසෙන ලක් දෙරණේ අනාගතය වෙනුවෙන් අප සැවොම එක්ව මේ පුංචි අනාගත පරපුර රැකගැනීමට වෙර දැරිය යුතු කාලය පැමිණ ඇත.