දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
නිවේදනයක් නිකුත් කරමින් ගමනාගමන මණ්ඩලය සඳහන් කර ඇත්තේ පින්නදූවත් ඉමදූවත් අතර මාර්ගයට පස් කන්දක් නායයාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයට බාධා එල්ල වූවත් කොළඹ දෙස සිට ගමන් කරන බස් රථ පින්නදූවෙන් පිටවී නැවත ඉමදූවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන්කරන බවයි.
එමෙන්ම මාතර දෙස සිට ගමන් කරන බස් රථ ඉමදූවෙන් පිටවී නැවත පින්නදූවෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන්කරන බවත් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිවේගී මාර්ගයේ ගමන්කරන බස් රථ ගමන්වාර කිසිවක් අවලංගු වී නොමැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ .














































