රට තුළ මේ වන විට පවතින අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ද බලපෑම් එල්ලව ඇති බව වාර්තා වේ.
ඒ පවත්නා අධික වර්ෂාව සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීමත් සමග වන අතර මෙනිසා කුඩා ප්‍රමාණයේ රථවාහන සඳහා ගමනාගමන බාධා එල්ලව ඇත.
වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙසේ ජලයෙන් යටව ඇති බව වාර්තා වන අතර මෙනිසා අධිවේගී මාර්ග නඩත්තු ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසයි.
ඒ අනුව පවත්නා තත්ත්වය හේතුවෙන් ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන්කිරීමට බලාපොරොත්තු වන රියදුරන් ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිතා කිරීමේ හැකියාව පවතියි.
















































