English
සිංහල
20:55 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දකින්නට නොලැබෙන නමුත් දකින්නට අසා හිතෙන රාජකීය පිළිවෙත්….

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ දිනවල ලොවම අවධානය යොමු කර ඇති පුවත වන්නේ දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයයි.මේ අතර මුහුණු පොතේ සැරිසරන එක් අවස්ථාවක මා හට මෙම වැදගත් වචන කිහිපය දක්නට ලැබිණ.අප කවුරුත් නොදත් රාජකීය පිළිවෙත් පිළිබඳව මෙහි සඳහන් ඇති අතර එය හරි අපූරු සහ කාටත් දැන ගැනීමට ආසා හිතෙන තරම් වැදගත් වාර්තාවකි.එනිසාම මෙය ඔබ හමුවේ මෙසේ උපුටා දක්වන්ට සිතුවෙමි,

    “බ්‍ර්තාන්‍ය පවුම් බිලියන 4 ක් එනම් රුපියල් බිලියන 1800ක් පමණ වටින රැජිණට අයත් රාජකීය ඔටුන්න සහ අනෙකුත් මුතු මැණික් දියමන්ති ඇතුලු රාජකීය ආභරණ මෙන්ම
    බ්‍රිතාන්‍ය පවුම් බිලියන 23 ක් එනම් රුපියල් බිලියන 10000 ක් පමණ වටින රාජ මාළිගා ඇතුළු රැජිණට අයත් දේපළ කිසිවක් ඇය රැගෙන යන්නෙ නැත..
    ඇත්තටම ඒවට කුමක් සිදුවේද…?

    රැජිණ මියගිය පසු සිදුවෙන රාජකීය ක්‍රියාපිළිවෙත, ඉතා කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියා දාමයක්.
    එය හඳුන්වන්නෙ “Operation London Bridge ” ලෙසය.

    එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදුවන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාළිගයේ තිබෙන,
    එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිතා කරන ලද රාජකීය ආසනය සහ රැජිණිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කලු රෙදි වලින් වසා දැමීමය….
    එමෙන්ම රැජිණියගේ “රාජකීය ආරක්ෂක බළ සේනාව ” වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතරව, රැජිණියගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාළිගය, ශාන්ත ජේම්ස් මාළිගය අවට ආරක්ෂාව තර කරන අතර,
    රැජිණියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි “ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්” යන නිළ නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුළුණ (Tower Of London ) තාවකාළිකව විශේෂිත අගුළු යොදා සීල් තබනු ලැබේ..
    මේ චාරිත්‍රය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි….රජෙකු හෝ රැජිණක මියගිය විට, අලුත් රජු හෝ රැජිණ පත්වනතුරු, රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තබනු ඇත
    (එම රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණ වල වටිනාකම පවුම් බිලියන 4 ක් , එනම් රුපියල් බිලියන 2000 ක් පමණ වේ.. )

    මීළඟට සිදුවන්නේ ඇයගේ දරු මුණුබුරු මිණිබිරියන් රහසිගතව පැමිණ, මියගිය රැජිණියගේ දෑත් සිප ආචාර දැක්වීමය…
    මේ අවස්ථාව පසුවන තෙක්ම, ඇයගේ රාජකීය වෛද්‍යවරයා සහ එම කාර්ය මණ්ඩලය, රාජිණිය අවසන් හුස්ම හෙලූ සයනාගාරයේ රැඳී සිටිය යුතුය….එයද ආරක්ෂණ චාරිත්‍රයකි….එහිදී පළමුවෙන්ම ඇතුළුවන්නේද, අවසානයට පිටවන්නේද, මීළඟට රාජ ප්‍රාප්ත වීමට නියමිත කෙනා වන චාල්ස් කුමාරයාය.

    රැජිණියගේ මරණය ලොවට දැනුම් දෙන ක්‍රියාන්විතය ඇරඹෙන්නේ ඉන් පසුවය….
    රැජිණියගේ පෞද්ගලික ලේකම් ධුරයෙහි රැඳී සිටින්නා විසින්, එම මොහොතේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමිය විසින් සිටින්නාට දුරකථනයෙන් “ඛේත භාවිතා කර” අදාළ ශෝක පණිවිඩය දැනුම් දෙනු ඇත….
    වත්මන් රැජිණිය වන දෙවැනි එළිසබෙත් රාජිණිය සඳහා වෙන් කර තිබෙන ඛේතය වන්නේ “ලන්ඩන් බ්‍රිජ් ඉස් ඩවුන්” ( ලන්ඩන් පාලම කඩා වැටී ඇත – London Bridge is Down ) යන්නය.
    අවසන් වරට බ්‍රිතාන්‍යයේ කිරීටය වෙනස් වූයේ මීට වසර 69 කට පෙර, එනම් 1952, පෙබරවාරි මස 6 වැනිදාය…
    ඒ වත්මන් රැජිණගේ පියා වන, හයවැනි ජෝජ් රජුගේ අභාවය සමඟය..
    එදින උදෑසන 7.30 ට රජතුමා සැන්ඩ්‍රිහැම් හි පිහිටි සිය රාජකීය විවේකාගාරයේදී අවසන් සුසුම් හෙළා ඇති බව එතුමාගේ සේවකයන් විසින් මුලින් හඳුනාගෙන, ඒ බව බකිංහැම් මාළිගයට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ “හයිඩ් පාක් කෝනර්” ( Hyde Park Corner ) නම් ඛේතය යොදාගනිමිනි…

    ඒ මොහොතේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නා, කරමින් සිටින සියළු රාජකාරී අත්හැර මේ සිද්ධියට කැපවිය යුතුය….තද නින්දේ සිටියත් අවදිව මුලින් සිය කාර්යාලය වාර්ථා කළ යුතුය…..විදේශ සංචාරයක යෙදී සිටින්නේ නම් වහාම යළි පැමිණිය යුතුය…..ඉන් පසුව අග්‍රාමාත්‍යගේ නියෝගයෙන් “ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් ( Operation London Bridge )” හෙවත් ලන්ඩන් බ්‍රිජ් මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ…

    විනාඩි ගණනක් තුළ, එක්සත් රාජධානියෙන් බැහැරව පවතින, මහ රැජිණිය රාජ්‍ය නායිකාව වශයෙන් කටයුතු කරන දේශයන් සහ කළාපයන් 15 ක ආණ්ඩු වලට, මෙම අභාවය පිළිබඳව පුවත සැල කරනු ලබයි… මේ සඳහා විනාඩි 45 කට වඩා කල් නොගත යුතුය…. එයද ආරක්ෂණ උපක්‍රමයකි….එකී දේශයන් සහ කළාප වන්නේ –

    ඇන්ටිගුවා සහ බාබියුඩා,ඔස්ට්‍රේලියාව,බහාමාස් රාජ්‍යය
    බාබඩෝස් රාජ්‍යය, බෙලීස්, කැනඩාව, ග්‍රේනාඩාව, ජැමෙයිකාව
    නවසීලන්තය, පැපුවා නිව් ගිනියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්
    ශාන්ත ලූසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස්
    සොලමන් දූපත්, තුවාලූ රාජ්‍යය
    අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හොබවන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 56 ක රජයන්ටද ඊළඟ පැය තුළ පුවත දැනුම් දීම සිදුවේ.

    මීළඟට සිදුවන්නේ බකිංහැම් මාළිගයේ ප්‍රධාන ගේට්ටු අසළ රාජකීය ලාංඡනය සහ රාජ්‍ය ලාංඡනය යන ද්විත්වය කලු පැහැ පසුබිමක මුද්‍රණය කරන ලද සංකේත පුවරුවක් තබා,
    එහි රාජකීය අභාවය ගැන පණිවිඩය සටහන් කිරීම සහ එක්සත් රාජධානිය පුරා නගරවල නගරාධිපතිවරුන්ට සහ අනෙකුත් පුර ප්‍රදානීන්ට, ගම්පතියන්ට රාජකීය අභාවය පිළිබඳව පණිවිඩය යැවීමය….අතීතයේදී නම් මේ සඳහා කලු අශ්වයන් මත නැගී ගත්, කලු හැඳගත් පණිවිඩකරුවන් ලන්ඩනයෙන් පිටව බ්‍රිතාන්‍යයේ දසතට දුවන අතර, වත්මනේදී ඒ සඳහා දුරකථන භාවිතා කෙරේ….

    “රැජිණිය මියගියා….රජු දිගු කල් සැරදේවා !” ( “The Queen is Dead ! Long Live the King ” ) .
    දෙවනි පදයේදී “ Long live ” කියා පක්ෂපාතීත්වය සමඟ දිගාසිරි පුදන්නේ ඒ මොහොතේම රාජ කිරීටයට අනුප්‍රාප්තික නව රජුටය.

    මේ මොහොතේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය වන “යූනියන් ජැක් ” ධජය අඩකුඹු කෙරෙන මුත්, රාජකීය සංකේත ධජය වන “ද රෝයල් ස්ටෑන්ඩර්ඩ් ” ( The Royal Standard the United Kingdom )ධජය අඩකුඹු කෙරෙන්නේ නැත.

    “රෝයල් ස්ටෑන්ඩර්ඩ් ඔෆ් ද යුනයිටඩ් කින්ග්ඩම්” යනු එක්සත් රාජධානියේ රජු හෝ රැජිණිය නියෝජනය කරන ජය ධජයයි….එළිසබෙත් රැජිණියට එන්ගලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සය නියෝජනය කරමින් එක් ධජයක්ද, ස්කොට්ලන්තය නියෝජනය කරමින් ඊට සමාන පෙනුම තිබෙන තවත් ධජයක්ද ඇත….
    මේ ධජය රැජිණිය සිටින විට බකිංහැම් ඇතුළු ඕනෑම රාජ මාළිගයකද, එතුමිය නවාතැන් ගන්නා ඕනෑම ගොඩනැගිල්ලක්ද, එතුමියගේ නිළ රථ, ගුවන් යානා සහ නාවුක යාත්‍රා වලද, ඔසවා තබනු ඇත….රැජිණිය මියගිය පසුවද, එම ධජය ඔසවා තබන්නේ ඊළඟට පත්වන රජුට හෝ රැජිණිය සංකේතවත් කරන්නටය….
    එළිසබෙත් රැජිණිය මිය යන මොහොතේම, ඇය විසින් අන් අයෙකු දක්වනු නොලබන්නේ නම්, හෝ වෙනත් අසමසම නුසුදුසු කමක් නොපවතී නම්, චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්වන හෙයින්, ඒ මොහොතේ පටන් ඒ ධජය එම රජු සංකේතවත් කරයි….ඒ මොහොතේ සිට මෙම පුවත පළමුව බී.බී.සී සේවයටත්, ඉන් පසුව එක්සත් රාජධානියේත්, ලොව පුරාත් තිබෙන සියළුම මාධ්‍ය ආයතන වලටත් පළමු මූලාශ්‍ර, දෙවන, තෙවන, සිවුවන මූලාශ්‍ර ඔස්සේ බෙදී යනු ඇත. එක්සත් රාජධානියේ ගුවන් විදුලි සේවාවන් වල සහ රූපවාහිනි ආයතන වල “ජාතික විපතක්” සංකේතවත් කරන ආලෝක පද්ධති පෙළක් නිවෙමින් දැල්වෙනු ඇත.

    රැජිණගේ මරණය පිළිබඳව එක්සත් රාජධානියේ පළමු නිළ පණිවිඩය නිකුත් කරන්නේ බී.බී.සී සේවයයි.
    එම පුවත විසුරුවා හරින්නට සම්බන්ධ වන සියළු නිවේදක, නිවේදිකාවන් සහ ප්‍රවෘත්ති පසුතලයේ සිටින අය කලු පැහැ ඇඳුම් ඇඳ සිටිනු ඇත. ( එබඳු අවස්ථාවකදී ඔවුන්ට ඇන්දවීම සඳහා කලු පැහැ වස්ත්‍ර සහ ආභරණ බී.බී.සී මහගෙදර නිරතුරුව සූදානම් කර තිබේ ). එමෙන්ම බී.බී.සී ප්‍රවෘත්ති වල රූප තිරයේ දිස්වන රතු පැහැ තේමාවන් සියල්ල කලු පැහැයට හරවනු ඇත. එක්සත් රාජධානිය පුරා බොහෝ ප්‍රධාන මාධ්‍ය ආයතනද මීට සමාන බොහෝ දේ කරනු ඇත.

    එදිනට එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය පුරා කඩ සාප්පු , බැංකු වැසෙනු ඇත. ප්‍රධාන මාධ්‍ය ආයතන බොහොමයක ශෝකී ස්වරයන් අඩංගු සංගීතයක් වැයෙනු ඇති අතර, රැජිණිය පිළිබඳව වාර්ථා වැඩසටහන් පමණක් විකාශය වනු ඇත. බී.බී.සිය ප්‍රමුඛ බොහෝ මාධ්‍ය ආයතන වල විනෝදාස්වාදය දනවන වැඩසටහන් එදිනට විකාශය නොකෙරේ.

    රැජිණියගේ මරණය සිදුවන විටම ඇයගේ අනුප්‍රාප්තිකයා අලුත් රජු බවට පත්වන හෙයින්, එදිනට පසුදින, හෙවත් මරණ මොහොතෙන් පැය විසි හතරක් ඉකුත්ව ගිය පසුව, නව රජතුමා සිය පළමු ජාතිය ඇමතීම සිදුකරනු ඇත. මේ ජාතිය ඇමතීමට සමගාමීව ලන්ඩන් නුවර “හයිඩ් පාක්” හි රාජකීය හමුදා 1 කාළතුවක්කු රෙජිමේන්තුව, නව රජුට ආචාර කරමින් කාලතුවක්කු වෙඩිමුර 41 ක් පවත්වනු ඇත.
    ඉන් පසුව අගමැතිවරයා, ඇමතිවරු, රාජ්‍ය ලේකම්වරු ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය සහ එහි ප්‍රාන්ත පරිපාලනයන් ලිඛිතව සහ නිවේදන මඟින් නව රජතුමාට සිය පක්ෂපාතීත්වය පළ කරනු ඇත.

    එයින් පසුව ඉක්මණින්ම සිදුවන දෙය වන්නේ, නව රජතුමා

    ස්කොට්ලන්තයේ අගනුවර වන එඩින්බර්ග් ( එඩින්බරා ) නගරයටත්
    වේල්සයේ අගනුවර වන “කාඩිෆ්” නගරයටත්
    බ්‍රිතාන්‍ය පාලනයේ පවතින උතුරු අයර්ලන්තයේ අගනුවර වන “බෙල්ෆාස්ට්” නගරයටත් ගොස් ඒ නගරවල පාර්ලිමේන්තු සහ ප්‍රාන්ත පාලකයන්ගේ පක්ෂපාතීත්වය දිනාගෙන, ඔවුන් සමඟ සාකච්ඡා කර, නැවත ලන්ඩන් නුවරට පැමිණීමයි.
    එතැන් සිට දින 4 කට පසුව යුද හමුදා ගෞරව සහිත රාජකීය අවමංගල්‍ය පෙරහැරකින්, මියගිය රැජිණියගේ දේහය බහාලන ලද දෙන, අශ්ව රථයක තබා, බකින්හැම් රජ මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙතට ගෙන යනු ලැබේ.

    එහිදී, පළමුව නව රජතුමා ( චාල්ස් කුමරුට සිය නම වන චාල්ස් හෝ තම පෙළපතේ විසූ අතීත රජුන්ගේ නාමයක් අංක අනුපිළිවෙලට තුන්වෙනි චාල්ස් රජු) එම බිසව සහ මුල් රාජකීය දරුවන් ඇතුළු රාජකීය පෙළපත, හෙවත් “රෝයල්ස්” ලෙස ගරු නාම ලබන සියළු දෙනා පිළිවෙලින් පැමිණ රැජිණගේ දේහයට ආචාර දක්වනු ඇත.
    චාල්ස් රජතුමා දේහයට නිළ වශයෙන් ආචාර දක්වන මොහොත ලොවපුරා මාධ්‍යය මඟින් සජීවීව විසුරුවා හැරෙනු ඇති අතර, එහිදී ඔහු විසින් එක් දණහිසක් නමා ආචාර මුද්‍රාවෙන් හිඳ, මියගිය රැජිණට, දෙවියන් වහන්සේගේ නාමයෙන් “පාලක ප්‍රතිඥාවක්” දෙනු ඇත.
    මේ චාරිත්‍ර හැමවිටම සකස්ව ඇත්තේ මවගෙන් පුතුට – දුවට හෝ පියෙක්ගෙන් දරු පරම්පරාවට රජකම මාරුවෙනු ඇත කියා සළකා නොවේ. ඒ නිසා මියගිය රජුට හැමවිටම නව රජු හෝ රැජිණිය විසින් යම් ප්‍රතිඥාවක් දෙන ලෙස සිරිත් සකසා ඇත.

    අනතුරුව දෙස් විදෙස් නියෝජිතයන්, ප්‍රභූන් පිළිවෙලින් පැමිණ ආචාර දක්වනු ඇති අතර, ඒ සියල්ලට පසුව මහ ජනතාව සඳහා වෙස්ට්මින්ස්ටර් මැදුරත දොරටු විවරවනු ඇත.

    රැජිණියගේ අභාවයෙන් දින 10 ත් 12 ත් ඇතුළත ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. රැජිණියගේ භූමිදානය සිදුවන දින උදෑසන 11 ට ලන්ඩනයේ “බිග්බෙන්” ඔරලෝසුවේ සීනු පද්ධතිය නොකඩවා නාද වීම අරඹනු ඇත.

    මහේශාඛ්‍ය ධජ, ලාංඡන සහ හමුදා පෙළ පෙරටු කරගත්,
    රෝස මලින් සරසන ලද කරත්තයක තබන ලද මහ රාජිණියගේ දේහය මුලින් වින්ඩ්සර් මාළිගයට ගෙනයනු ඇත. වින්ඩ්සර් මාළිගයේ සිදු කෙරෙන දේව මෙහෙයකින් ආසිරි ගන්වන ලද රැජිණගේ දේහය, භූමිදාන කටයුතු සඳහා අවසන් චාරිකාව ලෙස රැගෙන යන්නේ, එහිම තිබෙන ශාන්ත ජෝජ් දේවස්ථාන සොහොන් ගර්භයටයි. දෙවැනි එළිසබෙත් රැජිණියගේ පියා හෙවත් හයවැනි ජෝජ් රජුගේ සොහොන එහි තිබේ.
    එම සොහොන අසළ රාජකීය සොහොන් ගර්භයක දෙවැනි එළිසබෙත් මහ රැජිණියගේ දේහය සහිත දෙන තැන්පත් කිරීමෙන් අවමංගල චාරිත්‍ර අවසන් වනු ඇත.

    රැජිණගේ මරණයෙන් වසරක කාළයක් ගිය පසුව,
    චාල්ස් රජුගේ නිළ අභිෂේක මංගල්‍යය පැවැත්වෙනු ඇත.
    එයින් පසුව බ්‍රිතාන්‍ය මුදල් ඒකකය වන පවුම් මුදල් ඒකකයේ නෝට්ටු වලට චාල්ස් රජුගේ රූපය පැමිණෙනු ඇත.
    දෙවැනි එළිසබෙත් රැජිණියගේ රූපය සහිත මුදල් නෝට්ටු භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් කරනු ඇත.
    එමෙන්ම බ්‍රිතාන්‍ය ගමන් බළපත්‍ර සහ වෙනත් රාජකීය ලියැවිලි වලටද චාල්ස් රජුගේ රූපය එනු ඇත. බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ ජාතික ගීය “God save the Queen ” , God save the King ලෙස වෙනස් කෙරෙනු ඇත.”

    Ridma Lasanthika
    sources : Official website of the British Royal Family

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version