තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදෙශයේ පදිංචි 48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකුගේ දෙමහල් නිවසේ ගෙවත්තේ අඩි 5ක් පමණ ගැඹුරින් හෑරූ වළවල් දෙකක යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මාතර මූලස්ථාන පොලීසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.
එම පුපුරණ ද්‍රව්‍ය ගෙවත්තේ අඩි 5ක් පමණ ගැඹුරට හාරන ලද වළවල් දෙකක වළ දමා තිබූ බව කියයි.
එම පුපුරණ ද්‍රව්‍ය අතර සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 350ක් , ග්‍රෑම් 205 බැගින් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 2ක් , ග්‍රෑම් 610ක් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 1ක් , ග්‍රෑම් 105ක් බර පුපුරණ ද්‍රව්‍ය බාර් 1ක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 181 ක් , මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 288ක් , මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ 5ක් ,ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10ක් , බෝර 12 වර්ගයේ උණ්ඩ 8ක් , අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කිරීමට යොදා ගන්නා වයර් අඩි 32ක් , ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 15ක් , දුම් බෝම්බයක් ඇතුලු යුද උපකරණ රැසක් සොයා ගත් බව පොලීසිය සදහන් කරයි.
මීට අමතරව මදන මෝදක ගුලි 15ක් අඩංගු පැකට් 2ක් ද මෙම නිවසේ තිබී සොයා ගත් බව සදහන් කරයි.
මෙම සැකකරු 2016 වර්ෂයේ දී විශ්‍රාමික ගොස් ඇති නිලධාරියෙක් වන අතර එල් . ටී . ටී . ඊ . යුද්ධ සමයේ ද මුලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක වසර 5ක් අවි ආයුධ ගබඩාව භාරව රාජකාරිය කර තිබෙන බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇති බව ප්‍රකාශ වේ. එම කාලයේ දී මෙම ද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි .
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් විශාල හානියක් පවා සිදු කිරීමට ප්‍රමාණවත් බව පොලීසිය කියයි.