දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබීමකට ලක්ව ඇත.
එරට පොලිසිය සඳහන් කරන්නේ ගිනි තැබීම සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කේප් ටවුන් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ ඇති වූ මෙම ගින්න සීග්‍රයෙන් අනෙක් ගොඩනැගිලිවලට ද පැතිර ගොස් ඇති අතර ඉන් විශාල විනාශයක් සිදුව ඇත.
ගින්න පාලනය සඳහා ගිනි නිවන භටයින්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති අතර අත්අඩංගුවට ගැනුනු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දකුණු අප්‍රිකාණු ජනපති සිරිල් රාමපෝෂා ප්‍රකාශ කළේ “භයානක හා විනාශකාරී සිදුවීමක්” බවය.
කෙසේ නමුත් පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සඳහන් කර ඇත.
විනාශ වූ ගොඩනැගිල්ල නරඹා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ “අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන” විනාශ වූ බවයි.
















































