හදවත් රෝගියකු වූ තම පියාට ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.
තමා පළකළ ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් විමසීමට කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් තම නිවසට පැමිණි බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම්දුන් බවත් අදාළ කාන්තාව ප්‍රකාශ කරයි.
රෝහලේදී සිදු කළ පියාගේ ඇන්ජියෝග්‍රෑම් පරීක්‍ෂණයේ තොරතුරු ඇතුළත් බව පවසමින් හිස් සීඩී තැටියක් නාගොඩ රෝහල විසින් තමාට ලබාදී ඇති බවත්, එම අසාධාරණය පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ තොරතුරු පළකිරීම මෙලෙස පොලිසිය හරහා තමාට බලපෑම් එල්ලවීමට හේතුව බව එම කාන්තාව වැඩිදුරටත් පෙන්වාදෙයි .(news wire)
කෙසේ නමුත් රොහල්වල වැරදි පෙන්වා දෙන බොහෝ අවස්ථාවල ඔවුන් වැඩ වර්ජන කරන බවට තර්ජනය කරන අවස්ථා තිබේ. මීට පෙරද එවැනි එක් අවස්ථාවක් අපට වාර්තා වී තිබේ. එවිට පොලිසිය නැට්ට කඩාගෙන දුවන්නේ අපහසුතාවයට පත් වූ මිනිසා චූදිතයෙක් කිරීමටය.
මෙවැනි සිද්ධීන්වලදී පොලිසිය කල යුත්තේ එම පොස්ට් එක රැගෙන, රෝහල් සේවකයන්ට විරුද්ධව පරීක්ශනයක් කිරීමය. නීතියට ගරු නොකිරීම, ව්‍යවස්තාපිත යුතුකම් පැහැර හැරීම, එසේම තවත් අසාධාරණකම් පිළිබදව මුහුනු පොතේ තිබුනේ නම් එයට අනුව මහජන කැලභීම් ඇති කිරීම ආදි වගන්ති ගණනාවක් ඔස්සේ මෙම රොහල් සේවකයන්ට නඩු පැවරිය යුතුය.
මෙම සිද්ධිය සමග නීතිය අතට ගත් පොලිස් නිලධාරීන්ට එරෙහිවද ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුය. අයුතු බලපෑම, අයුතු අවහිරය, තර්ජනය, ව්‍යවස්තාපිත යුතුකම් පැහැර හැරීම් ආදි වගන්තිවලින් ඔවුන්ටද නැඩු පැවරිය යුතුය. නීතිය සකසා තිබෙන්නේ එය කිරීමටය.














































