මේ වන විට මැගසින් බන්ධනාගාරයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇත.
පොදු ජන අරගලයට නායකත්වය ලබාදුන් දමිතා අබේරත්න වැනි පුද්ගලයින් වත්මන් රජය විසින් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.