English
සිංහල
14:10 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “දඹ රන් පිළිම සහ ඇත් දළ හොරකම් කල” බව කියන නිළමේ රත්නපුරයට පැනලා.  ප්‍රාදේශීය ලේඛම්වරුන්ගෙන් නිලමේලාට අනතුරු හැගවීම්! පොලිසියට මල් මිටක්!

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • දුෂණ චෝදනා තිබෙන වලිසුන්දර නැවතත් දේවාලයකට!
    • ප්‍රාදේශීය ලේඛම්වරුන්ගෙන් අළුත් රැල්ලක්!
    • තර්ජනවලට පයින් ගසයි!
    • නිළමේලාට තරු විසිවෙන තීරණයක්!
    • 2025 දියවඩන නිළමේ නිළවරණයට කොළ එළියක්!
    • රාවණා ලංකා පුවතින් පසු භික්ෂුන් පසු බසී!.
    • දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයට දැඩි පොලිස් ආරක්ෂාවක්!
    • ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගෙන් පොලිසියට තුති මල් !

    බලංගොඩ බෝල්තුබේ රාවණා දේවාලය නොහොත් වර්තමානයේ ශ්‍රී සුමන දේවාලය ලෙසින් හදුන්වන දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස සේවය කල පරණගම මහතාගේ මිය යාමෙන් හිස් වූ බස්නායක නිළමේ තනතුරට නව බස්නායක නිළමේවරයෙක් තෝරා පත්කරගැනීමේ නිලවරණය අද (29) දහවල් දෙකට පමණ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්විණි. මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාව සිට පරාජයට පත් වූ, මෙන්ම දුෂණ චෝදනා රාශියක් තිබෙන ගැමුණු වලිසුන්දර මහතා ඡන්ද 7 ක් ලබාගෙන නව බස්නායක නිලමේවරයා ලෙස තෝරා පත්කරගත්තේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ විසිනි.

    ගැමුණු වලිසුන්දර මහතාට දුෂණ, චෝදනා තිබෙන පුද්ගලයෙකු බව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් නිශ්චිතව දැනගෙන නොසිටි අතර අවස්ථා කිහිපයකදීම සාකච්චා වට කිහිපයකින් පසුව මෙම තීරණය ගෙන තිබුණි. ගැමුණු වලිසුන්දර මහතා වර්තමාන දියවඩන නිලමේවරයා සමග දැඩි අමනාපයක් තිබෙන බවට ගෙන ගිය ප්‍රචාරයත්, දියවඩන නිලමේවරයා විසින් සෘජුවම ඉදිරිපත්කර තිබු පුද්ගලයා පත්කරගන්නා ලෙස කරන ලද, දැඩි තර්ජන සහ බලපෑම්ද මෙම තීරණය ගැනීමට හේතු වූ ආසන්නතම හේතුව බවට පත්ව තිබුණි.  එම සාකච්චා සියල්ලම ඉතාම වැදගත්, අනාගතය ගැන සිතමින් කර තිබු සාකච්චා බවට පත්ව තිබුණි.

    තවද, බස්නායක නිළමේවරුන් තේරීමේ නිළවාරණයන් වලදී ප්‍රාදේශීය ලේඛම්වරුන් අල්ලස් ලබාගන්නා බවට කරන චෝදනාවලින් ගැලවී, ඔවුන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීමත්, ඒ වෙනුවෙන් කිසිදු මුදලක් නොගෙන චන්දය ලබා දීමද, බෝල්තුබේ වැනි දේවාලයක හොරකම් කිරීමට හෝ වංචා කිරීමට මුදල් ගැවසෙන ස්ථානයක් නොවන බැවින් ද එම සියල්ලම දෙස අවධානය යොමුකරමින් ද මෙම සාකච්චා සියල්ලම පැවැත්විණි. ඒ අනුව සිදුකල දීර්ඝ කරුණු මත ගැමුණු වලිසුන්දර මහතා පත්කරගැනීමට ඔවුන් තීරණය කර තිබුනේ, තවත් එක පාර්ශවයක් වෙනුවෙන් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛ්ම්වරයා, එක් ප්‍රාදේශීය ලේඛ්ම්වරයෙකුට ලක්ෂ 7.50 බැගින් බෙදා දීමට ඊයේ (28)  දවස පුරාම රත්නපුර දිස්ත්‍රික්කය පුරාම ඇවිදිමින් සිටියදීය.

    පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා මුදල් බෙදීමට පැමිණෙන බව දැනගත් අනෙකුත් ප්‍රාදේශීය ලේඛම්වරුන් ඔහුව මඟහැරී නමුත්, බලන්ගොඩ ප්‍රාදේශීය ලේඛම්වරයාට ලක්ෂ 7.5 ක මුදලක් අල්ලස් ලෙස ලබා දුන් බව පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා පවසා තිබුණි. නමුත් බලන්ගොඩ ප්‍රාදේශීය ලේඛම්වරයාද ඔවුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් තම ඡන්දය ලබා දී තිබුනේ නැත

    රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙලේ භික්ෂුන් ඊයේ (28) සුදානම් වුයේ නිළවරණය පැවැත්වෙන ස්තානයට ගොස් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ට බලපෑම් කිරීමටය. එය ප්‍රබල ලෙස කිරීමට ඔවුන් සුදානම්ව සිටියේය. අපට ලැබුණු තොරතුරු වලට අනුව එම පුවත පළකිරීමත් සමගම රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ එම ස්ථානයට දැඩි පොලිස් රැකවරණයක් යෙදීමට රත්නපුර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානින් කටයුතු කරන ලදී. අපගේ පුවත් පළකිරීමත් සමගම එය කඩාකප්පල් කිරීමට සුදානම් වූ සියලුම හිමිවරුන් පසු බසින ලදී. කෙසේ නමුත් භික්ෂුන් කිහිපදෙනෙක් එම ස්ථානයට පමණ සිටියේය.

    ඒ අනුව බස්නායක නිළමේවරුන් තෝරාපත් කරගන්නා වෙනත් නිලවරණ වලදී මෙන් මෙම නිලවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් 7 දෙනෙකු කිසිදු මුදලක් ලබා ගත්බවට අවශ්‍ය සාක්ෂි සපයා ගැනීමට අප අපොහොසත්විය. නමුත් රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා මෙන්ම පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල විය.එම චෝදනා එලෙසම පවතී.

    අප ආයතනයට කතාකල බොහෝ දෙනෙකු ප්‍රකාශ කලේ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ පොලිස් ආරක්ෂාව තරකිරීමට කටයුතු කිරීම නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිසි නිදහසින් තම කටයුත්ත සිදුකිරීමට හැකියාව තිබු බවයි. එසේම ඔවුන් මෙන්ම අප සමග නිරන්තරයෙන්ම තොරතුරු බෙදාගත් සියලුම දෙනා රත්නපුර පොලිස් ප්‍රධානින්ට මෙන්ම එම ස්ථානයේ රාජකාරි කල සියලුම දෙනාට ස්තුතිය පුදකළේය.

    රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් නව රටක් ගොඩ නැගීම වෙනුවෙන් තම පළමු වෙඩි මුරය තබා තිබේ. අතීතයේද මහනුවර මිනිසුන් රට පාවා දෙන විට, ඒවාට එරෙහිව සංවිධානය වුයේ සබරගමුවේ මිනිසුන්ය. විවිධ බලපෑම් හමුවේ, මෙන්ම ජිවිත තර්ජන පවා තිබියදී, 7 දෙනෙකු කිසිදු මුදලකට හෝ බලපෑමකට යටත් නොවී, නොබෙදී එකම අරමුණකට කටයුතු කිරීම පිළිබඳව අපගේ ගරුත්වය ඔවුන් සියල්ලෝටම පිරිනමන්නෙමු.

    බෝල්තුෙඹි යනු රාවණා දෙවියන් හා බැදී දේවාලයකි. එය අද්භූත දේවාලයකි. ගැමුණු වලිසුන්දරට පමණක් නොව, අපරාධකරුවන්ට මෙම දේවාලය සමග සෙල්ලම් දමා ගැලවීමට ඉඩක් නොලැබේ.

    කෙසේ නමුත් මෙම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් දැනගෙන සිට නැති පහත දුෂණ, වංචා බෝල්තුබේ දේවාලයට තේරී පත් වූ ගැමුණු වලිසුන්දර නිලමේවරයාට තිබේ. මෙම චෝදනා එල්ලව වූ කාලයේ සිට මේ දක්වාම ඒවාට එරෙහිව කටයුතු කිරීමට ගැමුණු වලිසුන්දර මහතා කටයුතු කර නැත. එක වාර්තාවක් පහතින් දක්වා තිබේ.

    දෙයියන්ට නොපෙනෙන මහනුවර කතරගම දේවාලේ බස්නායක නිලමේ ගේ කෝටි ගනන් ගැහිල්ල.

    කතරගම දේවාලයේ බස්නායක නිලමේ වලිසුන්දර මහතා ආර් ප්‍රේමදාස මහතාගේ උදව්වෙන් අම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන්ද පසුව, හඟුරන්කෙත මොරපේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන්ද කටයුතු කරන අතර තුර එම දේවාල දෙකේම තිබූ දඹරන් බුදු පිළිම අස්ථානගත කර ඇත.

    මේ හේතුව නිසා මොනම දේවාලය කටවත් වැද්ද නොගත් නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේ ඔහුට විරුද්ධව දැඩි ස්ථාවරයක කටයුතු කළහ. 2005 දළදා මාලිගාවේ දියවඩන නිලමේ සඳහා වූ මැතිවරණයේදී නිලංග දෑලට උදව් කර නිලංග දෑල දියවඩන නිලමේගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ උදව්වෙන් පස්ගම දේවාලෙ ට බස්නායක නිලමේවරයා ලෙසින් පත්විය.

    පසුව බස්නායක නිලමේ ධුර කාලය අවසන් විය මීට ප්‍රථම මාස 4 ක් තිබියදී නැවත මැතිවරණයක් කැඳවන ලදී. එම මාස හතර තුළ ලංකාවේ දිගම වටිනාම ඇත් දළ ජෝඩුව ඔහු විසින් සොරාගෙන ඇති අතර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කලහ.

    පොලිසියේ එම පරීක්ෂණ අතරතුරදී ඔහුගේ නිවසේ ආරක්ෂිතව සඟවා තිබූ තවත් ඇත්දළ ජෝඩුවක් හමුවී ඇත .ඒ සම්බන්ධයෙන් පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුව22/05/2021 වෙනි දින මහනුවර අධිකරණයේ විභාග වීමට නියමිතයි.

    ඊට පසුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්වූ දා සිට ඔහු සතු දේපළ පහත සඳහන් වේ

    (1) අලි අදින ලොරිය ( මෙම ලොරිය පිළිගෙන ගමගේ විනිසුරුවරයාට අයිතිව තිබූ ලොරිය) වටිනාකම ලක්ෂ 35යි

    (2) මාවනැල්ල ප්‍රදේශයේ අක්කර 12 ක ඉඩමක් මිලදී ගෙන ඇත.

    (3) පල්ලෙකැලේ රජයේ නිවාස සංකීර්ණයට යාබදව සුපෝගබෝගී සුවිසල් නිවසක් වටිනාකම ලක්ෂ 260 ක්

    (4) ටොයොටා හයිලුක්ස් කැබ් රථය වටිනාකම ලක්ෂ 85 යි

    (5) toyota prado වර්ගයේ ජීප්රථය වටිනාකම ලක්ෂ 240

    (6) මාතලේ ප්‍රදේශයෙන් අක්කර දහයක ඉඩමක් වටිනාකම ලක්ෂ 200

    (7) අම්බොක්ක දේවාලයේ දියවඩන නිලමේ සඳහා වූ මැතිවරණයේදී ඔහුගේ පුතා වෙනුවෙන් එක ලේකම්වරයෙකු සඳහා ලක්ෂ 25 බැගින් වියදම් කර ඇත

    ( මහනුවර සම්පත් බැංකුවේ ඔහුගේ නමින් ඇති ගිනුමේ ශේෂය ලක්ෂ 900 යි.

    එමෙන්ම හඟුරන්කෙත විෂ්ණු දේවාලයට අයිති අලියා බස්නායක නිලමේ ට තමන් වැදූ අම්මා හිලව් කොට දේවාලේ අලියා තමන් ලබාගෙන අවුරුද්දට රුපියල් 3000.00 බැගින් වූ කුලී පදනම මත අලියා ලබාගෙන අද වෙනතුරු ඔහු සන්තකයේ තබාගෙන කෝටි ගණන් මුදල් උපයාගෙන ඇත.

    එමෙන් ම තමා මවට තලාතුඔය නිවසේ දී පහර දී මරා දැමීමට තැත් කළ අවස්ථාවේ අසල්වැසියන් හා පොලිසිය මැදිහත් වී බේරා ගන්නා ලදී.

    2015 දි වෑගොඩපොල නිළමේ පැරදුනාට පසු වෑගොඩපොල නිලමේ විසින් දේවාල ඉඩම් අල්ලාගෙන ඇති මුස්ලිම් ජාතිකයන් 25 දෙනෙකුට දමා තිබූ නඩු 25ක් ඉල්ලා අස්කරගෙන ඔවුන්ගෙන් ලක්ෂ පනහ බැගින් ලබාගෙන ඇත.

    එමෙන්ම එසේ ඉල්ලා අස්කර ගැනීමට කිසිදු නීතික් හො අයිතිවාසිකමක් ඔහුට නොමැති අතර එම සඳහා නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පමණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඈත පළාත්වල පන්සල් ගරාවැටී එහි සාමනේර හිමිවරුන්ට අඳින කටක්වත් නැතිව වේලක්වත් හරියට වළඳන්න දානයක් වත් නොමැති තත්ත්වයන් තුළ දළදා මාලිගාව සහ එ ආශ්‍රිත දේවාල සඳහා දේවාලගම් පනත ඇති යම් අයිතිවාසිකම් වලට මුවාවී දළදා මාලිගාව හා දේවාල සතු ධනය කොල්ලකෑම එකම අරමුණ කර ගත් මේ නිළමේවරුන් හා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගේ කටයුතු සම්බන්ධව ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කර මෙම බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුව තිබේ (2021 05 05 . Gmedia.com)

    මෙම පුවතට අයත් සියලුම මුල් පුවත් පහය්තින් බලන්න

    බොල්තුඹේ සමන් දේවාලයට නව නිළමේ ලෙස හොරෙක්ම පත් කරමුද? 2025 දියවඩන නිළමේවරයා ලෙස නැවතත් හොරෙක්ම පත්කිරීමට ඡන්දයක් හදමුද?
    “අපේ එකාට ඡන්දෙ දීපන්”. හාමුදුරුවරුන්ගෙන් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට තර්ජන. දිස්ත්‍රික් ලේඛම් බොරදියේ ගෙම්බො හොයයි
    ප්‍රාදේශීය ලේඛම්ලාට අල්ලස් දෙන්න ප්‍රාදේශීය ලේඛම් යද්දී  දිස්ත්‍රික් ලේඛම්වරයාටත් අල්ලස් චෝදනා!
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version