මහනුවර ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව යම් යම් කටයුතු සිදු කිරීමේදී දළදා වහන්සේට අපහාස සිදුවන ආකාරයෙන් කටයුතු කළ අවස්ථාවලදී මහා විශාල විනාශයන් සිදු වූ බවට අදහස් දක්වමින් තල්පොත ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ සදහන් කරන්නේ චාරිත්‍රානුකූලව දළදා පෙරහැර පවත්වාගෙන ආ ආකාරයෙන්ම පවත්වන්නට කටයුතු කළ යුතු බවයි.
මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,
“බඹරගල රජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගත් ස්ථානයක්.ඒ නිසා ශ්‍රී දළදා වහන්සේ මුල් කරගෙන පවත්වන ඇසළ මහා පූජෝත්සවය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන දෙයක්.මෙවර ඇසළ පෙරහැර පූජෝත්සවය පවත්වන කාලය තුළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව දැනගත්තට පස්සෙ මවිතයට පත් වුණා.
1815 මේ රටේ ඉංග්‍රීසින් යටත් කරගත් පසුත් ශ්‍රී දළදා වහන්සේගේ පූජෝත්සවයන් පැවැත්වෙන කාලසීමාවන් තුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලබා දුන්නා.
වර්තමාන ආණ්ඩුව එම හැම දේම පැත්තකට දාලා මුළු මහත් ලෝකයාම බලන් ඉන්න දෙස් විදෙස් විශාල පිරිසක් නැරඹීමට පැමිණෙන මේ අති උත්කර්ෂවත් දළදා පෙරහැර පැවැත්වීම මේ වසර තුළ මෙලෙස නීති රීති වලට යටත්ව පැවැත්වීමට කටයුතු කිරීම අපේ රටේ අනාගත අගාධයකට යන අවස්ථාවක් හැටියට මම දකිනවා.
ඒ නිසා රජයේ බලධාරීන් කල්පනා කරන්නට ඕනි කන්ද උඩරට විරාජමානව වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගන්නවා වගේම අපි ජීවමාන බුදුපියාණන් වහන්සේ හා සලකන මේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන දළදා පෙරහැර ඉතාම හොදින් පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය එදා ලැබුණා සේම ඉදිරියටත් ලබා දෙන්න කටයුතු කරන්න ඕනි.
එහෙම නැති උනොත් අපේ රට ජාතික වශයෙනුත් ,ආගමික වශයෙනුත් ,ආර්ථික වශයෙනුත් අගාධයකට යන එක නවත්වන්න පුලුවන් කමක් නෑ .
අපි අහලා තියෙනවා දළදා වහන්සේ පිළිබඳව යම් යම් කටයුතු කිරීමේදී ඒ දළදා වහන්සේට අපහාස සිදුවන ආකාරයෙන් කටයුතු කළ අවස්ථාවල මහා විශාල විනාශයන් මෙරට සිද්ධ වුණ බව දළදා වැස්ස වගේ දේවල් ඇවිල්ලා කටුගස්තොට පාලමත් කැඩිලා ගිහිල්ලා මහා විනාශයක් මේ රටේ සිද්ධ වුණා.
මේ නිසා මෙවැනි විනාශ ඇතිවීමට ඉඩ නොදී දළදා පෙරහැර චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ආකාරයෙන්ම පවත්වන්නට මහනුවර මහ නගර සභාවත් විදුලිබල මණ්ඩලයත් රජයත් එක්කාසු වෙලා මේ පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැරණි චාරිත්‍රානුකූලව පවත්වන්නට කටයුතු යොදනු ඇති යි කියලා මම විශ්වාස කරනවා .”