English
සිංහල
05:21 සිකුරාදා, ඔක්තෝබර් 31, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි!

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර ශ්‍රී දළදා මාලිගාව යනු බෞද්ධයාට පමණක් නොව ලෝකයට අදාරය කරන සියලු මිනිසුන්ට අනුපමේය ස්ථානයකි. නමුත් නීතිය මෙන්ම සදාචාරයද වල වැදුණු ශ්‍රී ලංකාවේ පාලකයන් ශ්‍රී දළදා මාලිගාව යොදා ගත්තේ ව්‍යාපාර කිරීමටය. ඒ හැර ශ්‍රී ලාංකිකයන්ගේ කායික, මානසික ශක්තිය වර්ධණය කිරීම වෙනුවෙන් හෝ බෞද්ධ දර්ශනයට අනුව එහි කටයුතු සිදු නොවීය. මිනිසුන් වන්ධනා මාන කරමින්, තමන්ගේ ජීවිත වෙනුවෙන් මෝක්ෂය ඉල්ලා තමන්ගේ ජීවිතවල ගින්දර නිවාදෙන ලෙස ඉල්ලා පූජා කරන මුදල් පවා ඔවුන් භාවිතා කලේ ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පමණි. දුක් ගින්දර නිවදෙන ලෙස ඉල්ලා පූජා කරන වටිනා වස්තුන් යනු ගින්දරක් බව ශ්‍රී ලංකාවේ හිටපු පාලකයා වන ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂ ඉගෙන ගෙන නොතිබුණි. ඔහු දළදා මාලිගාවේ පාලකයන්ගේ සියලු වංචා දූෂණ අක්‍රමිකතා සගවන ලදී. නමුත් ඒවා මඩ වගුරක තදකරන ලද බෝලයක් වැනි බවද ඔවුන් දැනගෙන සිටියේ නැත. දැන් ඒවාට විරුද්දව ස්වභාව දහමින්ද, නීතියෙන්ද දඩුවම් ලැබීම ආර්ම්භව තිබේ.

    මහනුවර ශ්‍රී දළදා පෙරහැර සහ ලංකා දේශපාලනය ගැන අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ සටහනකි. පසු ගිය 2021 පෙරහැර මංගල්‍යයේ පැරණි පෙරහරක් සජ්වී ලෙස පෙන් වූ බවද ඔහු සටහන් කර තිබේ.

    දළදා පෙරහැර හා ලංකා දේශපාලන අතර දැවැන්ත සම්බන්ධයක් තිබේ. කාලයකට පෙර ‘පූජනීය දළදා සංස්කෘතිය‘ දාහතරවන කලාපයට පෙරවදනක් ලියන්නට මම දළදා සංස්කෘතියේ දේශපාලනය අධ්‍යයනය කළෙමි.

    දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි! 

    ඇත්තු කුලප්පු හා මැතිවරණ  

    මහ¬නු¬වර දළදා පෙර¬හැරේ අලි කුලප්පුවීමකින් 1959 අගෝස්තු 19 දින පුද්ගලයින් 15 ක් මිය ගියේය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඇතා ඝාතනය කළේය. මේ අලි කුලප්පුව ගැන දීර්ඝ ලිඛිත සාහිත්‍යයක් ‘අලි කොමිසම‘, පාර්ලිමේන්තුව, පත්තර, මහෙස්ත්‍රාත් විභාගය හරහා නිර්මාණය විය. 

    පසුව එය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එපිට මැතිවරණ වේදිකාවට ද ගියේය.

    “දේශ¬පා¬ලන කුල¬ප්පු¬ව¬ලින් අලින් කුලප්පු වෙලා” එදා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා කීවේය. ටී.බී.ඉලංගරත්න ඇමතිගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පටන්ගත්තේය. 

    එදා පටන් අලි කුලප්පුව දේශපාලනය හා බැඳී ඇත. 

    1959 සැප්තෑම්බර් 25 බණ්ඩාරනායක ඝාතනය සිදු විය.  ලංකා දේශපාලනය උඩු යටි කුරු කළ 56 විප්ලවයෙන්‘  1956 අප්‍රේල් බිහි වූ ආණ්ඩුව සිය කාලය සම්පූර්ණ කිරීමටත් පෙර, 1959 දෙසැම්බර් 4 බිඳවැටුණි. 1960 මාර්තු මැතිවරණයෙන් එජාපයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු පිහිටවූවේය. 

    1976 අගෝස්තු ඇසළ පෙරහැරේ පත්තිනි දේවාල රන්දෝලියේ ඇතා කුලප්පුවිය.  පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසල දි ඇතා මැරී වැටුනේය.  1977 ජූලි 22 එජාපය 5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලය ලබාගත්තේය. 

    1992 අගෝස්තු  නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ සමයේ දී, පෙරහර කරඩුව රැගත් මංගල හස්තිරාජයා කලබලයට පත් වූවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගේ ගිණිගැනීමෙනි. 1992 කරඬුුව වඩම්වන්නට සිටි රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත් ගොව්වාට පහර දී කලබැගෑනියක් ඇති වූවේ කරඬුව බඳින්නට සුළු වේළාවකට පෙරය. ඇතා නිර්වින්දනය කළ අතර, පෙරහැර කරඬුව වැඩම කරනු ලැබූවේ ජයරාජා නම් ඇතා පිට ය.   1993 මැයි 1 දින ජනාධිපති ආර්.ප්‍රේමදාස ඝාතනය විය. 1993 මැයි 17 පලාත් සභා ඡන්ද විමසීමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය විපක්ෂයට ගියේය.

    1993 අගෝස්තු ජනපති ඩී.බී.විජේතුංග සමයේ දෙවැනි කුඹල් පෙරහැරේ දී කරඩුව මඩම්මවන මගුල් ඇතු කුලප්පුවූවා පමණක් නොව ඇඳ වැටුණි.  1994 අගෝස්තු 16 දින එජාපයේ 17 වසරක පාලනය අවසන් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවරයා ලෙස පත් විය. 

    2012 හෝ 2013 පළමු කුඹල් පෙරහැර අතර, මහ වැසි වැටී මහමළුවේ තිබූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටුණි.  එහි ශබ්දයට අලි කලබල වූ අතර, අලි රංචුවට බිය වී වැටී එක් (ගැබිණි කාන්තාවක්) මියගියේය.  මහ වැස්ස නිසා එදා පෙරහැරේ බෙර වාදනය කළේ සුදු ඉටිරෙදිවලින් වසා (මළ ගෙදරක) වාගේ ය.

    2014 මහ පෙරහැරේ දී කරඬුව මඩම්මවමින් සිටි ඉන්දි රාජා ට කොටුගොඩැල්ල වීදියේ දී දෑලේ සිටි බූරුම රාජා දළ පහරක් එල්ල කළේය.  එදා පෙරහැර ගෙවැදුනේ දෑලේ ඇතුන් රහිතව ය.

    2014 පෙරහැර අවසන් වී දින කිහිපයකින් ලංකාවේ දේශපාලනය වෙනස් වන්නට පටන් ගෙන,  2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිවිය.

    2019 අගොස්තු මාලිගාවේ ඇතෙකුට පහරදීමට නාථ දේවාලයේ පෙරහැරට ගෙන ආ අලියෙක් උත්සහ කළේය. 2019 නොවැම්බර් මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිඳවැටුණේය. 

    අටුවා කථාව

    දළදා සංස්කෘතියේ අලි ඇත්තු කලබලවීම ගැන 1959 කතාවේ දී නුගවෙල නිළමේ කරඬුව වැඩම කළ ඇතා ගේ දළයෙන් අල්ලා ගෙන කලබලය සමනය කර ගත් අයුරු ගැන දීර්ඝ ලිඛිත සාක්ෂි ඇත.

    1976 පත්තිනි දේවාලයේ ඇතා නවරත්න නිළමේ (අමාත්‍යවරයෙකි) ඉදිරිපිට වෙඩි වැදී මියයාම ගැන පොලිස් වාර්තා පවසන්නේ ‘අත්වැරැද්දකින් වෙඩි වැදීමක්‘ ලෙස ය.

    1992 සිද්ධිය ජනමාධ්‍ය එදා වාර්තා කළේ නැත.  සිද්ධිය ඇසින් දුටුවන්, අවසන් මොහොතේ පෙරහැර කරඬුව බැදීමේ කාර්යය ඉටු කළ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඇතුළු කිහිප දෙනෙකු හැර සිද්ධියට ලිඛිත සාක්ෂි නැති තරම් ය. 

    1993 අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කරඬුව වඩම්මවමින් සිටි ඇතා ය.  කරඬුවට හානියක් නොවු නමුත් ඇතා ඇඳ වැටුණු බව ඇසින් දුටුවන්ගෙන් මම අසා ඇත්තෙමි.

    විග්නේෂ්වරන් මහ ඇමති ධූරයට පත් වූ උතුරු පලාත් සභා ඡන්දය තිබුණේ 2013 සැප්තෑම්බර් 21 දින යි.  මහ මළුවේ පීඨිකාව කඩා වැටීමෙන් පසුව අලි කුලප්පු වූයේ 2012 ද නැතිනම් 2013 වසරේ දැයි මට නිශ්චිත නැත.

    2019 අගොස්තු මාසයේ නාථ දේවාලය අසල බැඳ සිටි (පෙරහැරේ නොගිය) සතෙකු මාලිගාවේ පෙරහැරේ ගිය සතෙකුට පහරදීම/පහරදීමට උත්සහ දැරීම නිසා පෙරහැර ගෙවදීමට ආසන්නයේ කලබලය සිදුවිය. ‍එවකට මම මධ්‍යම පළාතේ ආණ්ඩුකායා වූ බැවින් සිද්ධිය මා දැනගත් නමුත්, ඉතිහාසය පුරාම සිදුවී ඇති අයුරින්ම එය සිරස්තලයක් වූවේ නැත. 

    2021 අගෝස්තු 22 අවසන් රන්දෝළි පෙරහැරේ දී කතරගම දේවාලයේ අලි තිදෙනෙකු හෝ සිව් දෙනෙකු කුලප්පු විය. කුලප්පු වූ එක් සතෙකු දළදා කරඬුව වැඩමවූ අලි පන්තිය අසලට පැමිණි නමුත්, නැදුන්ගමුවේ ඇතා ද, දෑලේ ඇත්තු ද නොසෙල්වී කිසිදු කලබලයකින් තොරව සිටියේය.

    රූපවාහිනියෙන් ද, අන්තර් ජාලයෙන් ද සජීවී යැයි කියා පෙර දින පෙරහැර පෙන්වනු ලැබීය.

    ටීකා ව

    පෙරහැර සංස්කෘතියකි!  දේශපාලනය ද සංස්කෘතියකි!!

    මාස 11 කට පෙර ලියු කතාවකි.  දැන් කප් හිටවන්න ලෑස්තියි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

    ( රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ මුහුණු පොතේ පළකර තිබු සටහනකි)

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version