English
සිංහල
02:49 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දැන් තිබෙන්නේ ගිනි කුරක් ගැසීමට පමණි.  අර්බුධයේ දෙවෙනි පිපිරිම රජයේම සැලසුමක් ද?. උදා වන්නේ කළු ජුලියද?

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ අපූරු ලියවිල්ල අරගලකරුවන්ගේ සමාජයේ වට්ස් ඇප් සමූහයන් තුල හුවමරු වෙමින් තිබේ. නමුත් මේ ලියවිල්ලේ හිමිකරුවෙක් නැත. ජාතිආගම් පක්ෂ බේදයකින් තොරව ලිය ඇති මේ අපූරු ලියැවිල්ල තුල මේ වනවිට සිදු වූ සහ සිදුවිය හැකි බොහෝ දේ ගලපා තිබේ. මෙය සමාජ විද්‍යාත්මක බුද්ධිමත් විග්‍රහයකි.

    ලංකාවේ #GotaGoHome2022  Trending වන්නේ මිරිහානේ ජනාධිපති පුද්ගලික නිවස වට කල දා සිටයි. ඒ වට කලේ පැය 13 ක් කරන්ට් කැපීමේ පීඩනය ඉවසා ගත නොහැකිව බව ඒ තුල සැඟවුණ තිත්ත ඇත්තයි.

    මෙම විරෝධය system change එකකට යන පාරක් ලෙස යොදා ගැනීමට ඒ දිනවල ගෝල්ෆේස් අරගලය ඇරඹිණි. එය යම් දුරකට යහපත් ප්‍රථිපල ඇති කරමින් ඉදිරියට ගමන් කරන්නටද විය.

    දැන් අර්බුදය හා අරගලය ඇත්තේ භයානකම අවධියක බව මගේ කියවීමයි.

    අරගලයේ එක් කූඨප්‍රාප්තියක් මැති ඇමති මන්ත්‍රී නිවාස හා මැති ඇමති ජීවිත මතින් අවසන් විය. එය යහපත් යැයි කියන්නට නොහැකි වුවද එය සාපේක්ෂව සමාජයට ඇති කල බලපෑමේ ස්වරූපය අවම විය. කොටින්ම එය 83 කළු ජූලියක් නැවත නිර්මාණය නොවීමට හේතු විය. එහෙත් මැති ඇමති නිවාස ගිණි තැබීම් හා ඔවුන්ගේ ජීවිත හානි තුල අරගලය හා අර්බුදය වෙනම මානයකට විතැන් කිරීමට ඔවුන්ගේ පැළැන්තිය අපූරු ගේමක් ගැසුවේය.

    රනිල් එන්නේ රාජපක්ෂලාව බේරා ගැනීමට කියා මා නම් විශ්වාස කරන්නේ නැත. රනිල් එන්නේ සමස්ථ පන්තිය බේරා ගැනීමට ය. මැති ඇමති මන්ත්‍රී නිළධාරී  ප්‍රභූ පැළැන්තියේ ආරක්ෂාව රනිල් විසින් තහවුරු කොට ඇත. ඊට ඔහු අපූරු උපක්‍රමයක්ද යොදා ගත්තේය. පළමු ප්‍රකාශයේ ම තමන්ට මුදල් අච්චු ගැසීමට සිදු වන බවත් ඊට හේතුව රජයේ සේවකයන්ට පඩි ගෙවීමට සිදු වීම බවත් ඔහු සඳහන් කලේය. සාමාන්‍ය මහජනතාව අරගලය රජයේ සේවකයා දෙසට හැරවීය. මේ අතර අපූරුවට කෝප් කමිටුව (කාලයක් මාධ්‍යයට විවෘත නොවූ) තුලින්‍ රාජ්‍ය ආයතන වල නාස්ති වංචා දූෂණ තොග පිටින් එළි කරන්නට යෙදිණි. ඒ වංචා නාස්ති දූෂණ පිටුපස වූ දේශපාලකයින් එළි නොවූ අතර , ඇතැම් ප්‍රශ්න කිරීම් කලේද ඒ ඒ කාල වල ආණ්ඩු බලය ඉසිලූ කැබිනට් ඇමතිවරුන් වීම තුල මේ කුමන්ත්‍රණය පැහැදිලිය.

    දැන් ගැටුම දේශපාලකයා හා මහජනතාව අතර නොව සාමාන්‍ය ජනයා හා රාජ්‍ය සේවකයා අතරය.

    මෙය තව ටිකක් අයිසිං කොට රසවත් කරන්නට පොලීසියේ මරි මෝඩ කම් ද දේශපාලකයින් අපූරුවට යොදා ගනිමින් සිටී.

    එතනින් එහාට ගොස් ඔවුහු අත්‍යාවශ්‍ය සේවා කියා වෙනම පෝළිමක රාජ්‍ය සේවකයින් ගොනු කළෝය. එයින්ද නොනැවතී අත්‍යාවශ්‍ය සේවා  වලට දින 7 ම තෙල් සපයන්නට විශේෂිත ස්ථානද නම් කළෝය. මේ කිසි විටෙක මූලික ප්‍රශ්නය වන තෙල් හිඟයට විසඳුම් ලබා නොදීමටද ඔවුන් පරෙස්සම් විය.

    කොටින්ම තෙල් සැපයීම තවත් අඩපණ කළෝය.

    දැන් බිමේ ගැටුම සුපිරිය. අත්‍යාවශ්‍ය  උන් අනිත් උන් අනවශ්‍ය යැයි කියමින් මරා ගනිති. අපිත් අත්‍යාවශ්‍ය  කරන්න යැයි තව ටිකක් වුන් පිස්සු කෙළිති. ත්‍රී වීල් කරුවන් ඉන්ධන මාෆියා කරුවන් බව ඔප්පු කොට ඔවුන් වෙත සමස්ථ විරෝධයක් ඇති කරමින් සිටිති. සුළු පිරිසක් බඩ වඩා ගැනීම වෙනුවෙන් එවන් කාර්‍ය කරමින්ද සිටී.

    කොටින්ම දැන් අර ප්‍රභූ පන්තියට පැමිණි තර්ජනය අපූරුවට උන් විසින් එකතු වී ජනතාව අතර පන්ති අරගලයක් නිර්මාණය වන තැනට සියළු යටිතල පහසුකම් නිර්මාණය කොට අවසන්‍ ය.

    දැන් අවශ්‍ය ගිනි කූරක් ගැසීම පමණකි.

    රජයේ සේවකයා ත්‍රීවීල් කාරයාට ගසන්නට දැන් මනස සූදානම් ය. සාමාන්‍ය ජනයා රාජ්‍ය සේවකයාට ගසන්නට දැන් මනස සූදානම් කොට ගෙන ඇත.

    කොටින්ම දැන් කළු ජූලිය සූදානම් ය. අඩුවකට ඇත්තේ ජූලි මාසය උදා වීම පමණි.

    මෙවර මේ අර්බුදය පුපුරවන්නේ සැලසුම් සහගතවය. ගමේ නැති බැරි මිනිහා යමක් කමක් ඇති මිනිහාගේ ගේ ගිනි තියනා තත්වයට දැන් වෛරය සමාජයේ වපුරා අවසන්‍ ය. වාහනයක් නැති කෙනා වාහනයක් ඇති එකාගේ වාහනය කුඩු පට්ටම් කරන්නට යොමු වන තරමට දැන් ආවේගය දරුණුය. කොටින්ම පොලීසියේ එකාගේ දරු පවුලට පොළු මුගුරු එසවෙන මානසිකත්වය අර ප්‍රභූ පැළැන්තිය විසින් ඔවුන්ගේ ගැලවීමට අප තුල පැලපදියම් කොට අවසන්‍ ය.

    මේ පිපිරීම සිදු නොවීමට වග බලා ගැනීම ඔබේත් මගේත් වගකීමකි. කොටින්ම අර්බුදයේ දෙවන පිපිරීම පන්ති අරගලයක් ලෙසට නිර්මාණය කොට අවසන්‍ ය.

    පැල්පත් වාසීන්ගේ කඩු පොළු වලින් රජයේ සේවකයන් පහර කෑමට නියමිතය. කාර් වෑන් හිමි ජනතාව ත්‍රී රෝද රථ හිමියන් හා අවි අමෝරා ගැනීමට නියමිතය.

    වගකිවයුත්තන් එම අර්බුද වෙනුවෙන් අවශ්‍ය සියළු උසිගැන්වීම් කරනවා හැරෙන්නට  මෙම ගිනි නිවීමට අවශ්‍ය හිඟය අවම කිරීමට අවශ්‍ය කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැත.

    උනුත් අසාධාරණ යැයි නොකියමි. උන්ගේ ගෙවල් ගිනිබත් වීම උන්ගේ උන් මියයාම පිළිබඳ සාමාන්‍ය සමාජයෙන් උන්ට ගත යුතු පළියක් උන්ගේ සිත් යට කැකෑරෙමින් ඇත.

    උනුන්ගේ පැළැන්තිය උන් රැකගනිමින් ඇත.

    අර්බුදයේ දෙවන පිපිරීමෙන් උන් උපක්‍රමශීලීව සැලසුම් සහගතව ආරක්ෂා වී ඇත.

    බුද්ධිමත් බව ආවේගයට උඩින් තබා නොගන්නා ඕනෑම මිලි තත්පරයක අපි උන්ගේ පළි ගැනීමට භාජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පන්තිවශයෙන් බෙදී අපි අපි මරාගෙන  උන් වෙනුවෙන් මුදලින් ගෙවූ වන්දියට අමතර වන්දියක්ද ගෙවනු ඇත.

    අර්බුදයේ දෙවන පිපිරීම සැලසුම් කොට අවසන් ව ඇත. එය පන්ති සටනකි.වලක්වා ගැනීම ඔබ හා මා සතු අභියෝගයකි.

    Tags: SRI LANKA ECONOMIC CRISISජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version