ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොවීන්ගෙන් දියර කිරි ලීටරයක් රු.100.00 ක මුදලකට මිලදී ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
පශු සම්පත් සහ ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සඳහන් කළේ ජනපති විසින් අද (25) නාරාහේන්පිට මිල්කෝ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයටකට එක් වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබාදුන් බවයි.
එමෙන්ම දියර කිරි මිලදී ගැනීමේ පවත්නා විෂමතා ඉවත්කිරීමට ද වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන ලදී.













































