මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල මහතා වසින් සිදුකර තිබෙන බව කියවෙන බෞද්ධ ශාසනයට අයත් දේපල වංචා කිරීම, අක්‍රමිකතා සිදුකිරීම සහ ඒවා දූෂණය වන අයුරින් කටයුතු කිරීමට එරෙහිව චෝදනා 43 ක් සහිත පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ 2021 09 10 වැනිදාය. එම පැමිණිල්ල්ලේ මූලික විමර්ශණයක්වත් සිදුකිරීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඉඩ හසර ලබා දී නොතිබුණි. කෙසේ වෙතත් මේ වන විට එම පැමිණිල්ල විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ. ඒ පොලිස්පතිවරයාගේ නියෝගය පරිදිය.
එම පැමිණිල්ල ඉදිරිපත්කරන ලද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපතිවරයා වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා දිගින් දිගටම එයට විරුද්ධව හඩ නගන ලදී. එසේම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ගණනාවක්ම ඔහු සමග අත්වැල් බැදගත් අතර ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතා තම යු ටියුබ් නාලිකාව හරහා ඒ පිලිබඳව ජනගත කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දී තිබුණි. එසේම TNL රූපවාහිනියේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ධනංජය නාරන්බද්ද මහතා විසින් TNL රුපවාහිනිය හරහාද එම සිද්ධිය විස්තරාත්මකව ජනගත කරන ලදී. එසේම මහනුවර ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු, සමග තවත් යු ටියුබ් නාලිකා කිහිපයක්ම මේ පිලිබඳව කතා කරන ලදී.
කෙසේ වුවත් මේ සියලුම දෙනාගේ මෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේද ආශිර්වාද මැද අවුරුදු එකයි මාස 6 කට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනා විභාගය ආරම්භ කර තිබේ. ඒ අනුව 2023 01 27 වැනි දින, එනම් හෙට දින පැමිණිල්ල කරන ලද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපතිවරය අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට කැදවා තිබේ. ඒ විමර්ශන ආරම්භ කිරීමට මූලික ප්‍රකාශ ලබා ගැනීමටය. අභ්‍යන්තර තොරතුරු වාර්තාකරන ආකාරයට එම පරීක්ෂණය ඉතාම පුළුල්ව, විධිමත්ව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
කෙස් වුවත් මෙම පරීක්ෂණය නිසි අයුරින්ම විභාග වනු ඇතිබවට ශ්‍රී ලාංකික බෞධයන් ලෙස විශ්වාසය තැබිය හැකි ලෙස අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සංවිධානය කටයුතු කර තිබේ. මේ ආකාරයෙන් හෝ පරීක්ෂණ ආරම්භ කිරීමට අවධානය යොමුකිරිම සහ ආරම්භ කිරීම ඉදිරි කාලවකවානුවල ශ්‍රී ලංකාව දැවැන්ත වෙනසකට භාජනය වීමට බොහෝ සෙයින් ඉඩකඩ නිර්මාණය වනු ඇත. වර්තමාන පොලිස්පති වික්‍රමරත්න මහතාගේ කාලයේම කරන ලද මෙම පැමිණිල්ල, ඔහුගේ කාලයේම විමර්ශනයට ගැනීමට තීරණය කිරීම ඉතාම හොද ක්‍රියාවකි.














































