ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය විසින් තම මිය ගිය බිරිදගේ මළ සිරුර කරේ තබාගෙන ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානය දක්වා කිලෝමීටර් 130ක් පමණ දුරක් පයින් ගමන් කිරීමට සුදානම් වූ තරුණයකු හට ඉන්දීය පොලිසිය පිහිටට පැමිණි පුවතක් වාර්තා කර ඇති බව සදහන් වේ.
තම බිරිදට ඇතිවූ අසනීප තත්වයක් හේතුවන් මෙම තරුණයා කිලෝමීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සදහා යව ඇති අතර එම රෝහලේදී කාන්තාව මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ.
මෙම තරුණයා බිරිඳගේ මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් වී ඇත්තේ ඔහු ඉතා දිලිදු පුද්ගලයකු වූ බැවිනි. තරුණයා විසින් බිරිඳගේ සිරුර කරේ තබා ගෙන පයින්ම ගම්මානයට යෑමට තීරණය කර ඇත්තේ එවන් පසුබිමක බව සදහන් වේ.
මළ සිරුරක් කර මත තබාගෙන පයින් ගමන් කරනා තරුණයාට පිහිටට පැමිණි පොලිස් නිලධාරීන් වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත්තේ එවිට බවයි වාර්තා වන්නේ..















































