English
සිංහල
09:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය – පෝෂණවේදී හිරෝෂන් ජයරංග

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විවිධ හේතූන් නිසා වෙනස් ජීවන රටාවන් නිසා ජනතාව සාමන්‍ය අහාර රටාවෙන් බැහැරව ඇති බවද, තම සෞඛ්‍ය පවත්වාගෙන යාම සදහා විවිධ උපක්‍රම භාවිතා කලද බොහෝ  දෙනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන පෝෂණය ගැන ප්‍රමාණාත්මක දැනුමක් නොමැති බව පෝෂණවේදී හිරෝෂන් ජයරංග,(BSc.(Hons) Food Science & Nutrition WUSL, (Specialized in Applied Nutrition), MSc.Food Science & Nutrition  University of Peradeniya(R) ) මහතා පවසනවා. මේ ඒ මහතා සමග සිදු කරන ලද විශේෂ සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද සම්පූර්ණ ලිපිය පහත සදහන් වේ. .

    පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට භාජනය වුණ බව අපි හැමෝම දන්න සත්‍යයක්. මේ වෙනස්කම් එක්ක අපේ ජීවන විලාසිතාවත් වෙනස් වෙලා. මේ විදියට අපේ ජීවිතවලට සිදුවුණු එක් සාධනීය වෙනස්කමක් විදියට සෞඛ්‍ය සම්පන්න වීම ගැන උනන්දුවක් ඇති වීම හඳුන්වන්න පුඵවන්. ගොඩ දෙනෙක් මේ ගැන උනන්දු වෙනකොට තැන තැන ශරීර සුවතා මධ්‍යස්ථාන වගේම ඇවිදින මංතීරු වගේ දේවල් ගොඩක් ජනප්‍රිය වුණා.

    මේ පිබිදීම කොයිතරම් වුණත් තාමත් අපි බොහෝ දෙනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන පෝෂණය ගැන ප්‍රමාණාත්මක දැනුමක් නොමැති බව ඔබ පිළිගන්නවාද ? උදාහරණයක් වශයෙන් සාර්වපෝෂකයක් වන ප්‍රෝටීන් ගැන සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික අප අතර දැනුවත්බව අඩු බව සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

    “සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් සම්මිතීන්ට අනුව පුද්ගලයෙක් නිරෝගී පැවත්මක් වෙනුවෙන් තමන්ගේ ශරීරයේ කි.ග්‍රෑ. 1 ක් වෙනුවෙන් දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.8 ක් ලබාගත යුතුයි. ඒ කියන්නේ කි.ග්‍රෑ. 60 ක් බර පුද්ගලයෙක් දවසකට ප්‍රෝටීන් ග්‍රෑම් 48 ක් දවසකට ගත යුතුයි. නමුත් ශ්‍රී ලාංකිකයෙක්  දවසකට ලබා ගන්නේ ග්‍රෑම් 44 ක වගේ ප්‍රමාණයක්” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් පෝෂණවේදී හිරෝෂන් ජයරංග මහතා පවසනවා.

    මුලින්ම අපි ප්‍රෝටීන් යනු මොනවාද සහ එහි වැදගත්කම සළකා බලමු. ප්‍රෝටීන් කියන්නේ සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්. අපේ ශරීරයේ වැය වෙන සෛල නැවත අලුත්වැඩියා කිරීම සහ නව සෛල උත්පාදනය ප්‍රෝටීන්වල වැදගත්ම කාර්යබාරයයි. ප්‍රෝටීන්වල පමණක් අන්තර්ගත වෙන ඇමයිනෝ අම්ල මේ කාර්යභාරයේදී ඉතා වැදගත් වෙනවා.

    ප්‍රෝටීන් ඌණතාවයක් ඇති වෙනකොට ලේ වල හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම නිසා අධික වෙහෙස, විඩාව ඇති වීම, අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩුවීම වගේම හිසකෙස් වැටීම වගේ ශරීරයේ වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. අපේ ප්‍රතිශක්තීකරණ හැකියාව බිඳ වැටෙන නිසා අපි නිතර ලෙඩරෝගවලට ලක් වීම සිදු වෙනවා. මේ ටිකෙන් හිතා ගන්න පුළුවන් ප්‍රෝටීන් සුවපත් නිරෝගී ජීවිතයකට කොයිතරම් වැදගත් ද කියලා. විශේෂයෙන්ම පෝෂණය සම්බන්ධයෙන් ජීවිතයේ වැදගත්ම අවධිවල පසුවන කුඩා දරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වියපත් අය වගේම ගර්භණී කාන්තාවන්ට ප්‍රෝටීන් විශේෂයෙන්ම අත්‍යවශ්‍යයි.  

    ජයරංග මහතා පෙන්වා දෙන්නේ මිනිස් සිරුරට අත්‍යවශ්‍යම ඇමයිනෝ අම්ල පරිපූර්ණ වශයෙන් ලබාගැනීමට නම් සත්ව ප්‍රෝටීන් නිසි ආකාරයන් ලබාගත යුතු බවයි. නමුත් ශ්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් ඇති නොදැනුවත් බව සහ වෙනත් හේතු කාරණා රැසක් මත අවශ්‍ය  තරම් සත්ත්ව ප්‍රෝටීන ලබා ගන්නේ නැහැ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ශ්‍රී ලංකාව වගේ රටවල වැසියන්ට සම්පූර්ණ ප්‍රෝටීන් අඩුවක් තොරව  ලබා දෙන ආහාර කාණ්ඩයක් වශයෙන් පෝල්ට්‍රි කාණ්ඩයට අයත් මාංශ වර්ග සහ බිත්තර වැදගත් වෙනවා. පෝල්ට්‍රී වශයෙන් හඳුන්වන්නේ කුකුඵ මස්, බිත්තර, තාරා මස්, කළුකුම් මස් වගේ පක්ෂී වර්ගවල මාංශ. අනෙකුත් බොහෝ සත්ත්ව ප්‍රෝටීන් ආහාරවලට වඩා පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම සහ මිලෙන් අඩු වීම මීට හේතුවක් වශයෙන් එම සංවිධානය පෙන්වා දෙනවා.

    පහතින් දැක්වෙන්නේ පෝල්ට්‍රි කාණ්ඩයට අයත් ප්‍රධානතම ආහාර වර්ග වන කුකුඵ මස්, කුකුඵ බිත්තර, තාරා මස් සහ ක`ඵකුම් මස්වල අන්තර්ගත පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක්.

    කුකුළු මස්

    සියලු පෝෂණ කොටස් සහිතව පිසින ලද අහාරයක්.

    කුකුළු මස් යනු පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් අධික ආහාරයක්. කුකුළු මස්වල කොලජන් (කුකුළු මස් සම සහ ඇට කොලජන් වලින් පොහොසත්) විශාල වශයෙන් අන්තර්ගත වන අතර මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව තිබෙනවා. ඒ වගේම කුකුළු මස් මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ අස්ථි සෞඛ්‍ය සම්පන්න කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ.

    ➔     විටමින් බී 12, කොලීන්, සින්ක්, යකඩ සහ තඹ වැනි ඛණිජ ලවණ

    ➔     ඇමයිනෝ අම්ල

    ➔     ඔබට සතුට දනවන හෝමෝනය වන සෙරොටොනින් නිපදවන ට්‍රිප්ටෝෆාන් අඩංගු වේ.

    තාරා මස්

    තාරා මස් අපේ රටේ එතරම් ප්‍රචලිත නැතත් සම්පූර්ණ ප්‍රෝටීන් පෝෂණය ඔබට ලබා දෙන සුපිරි ප්‍රෝටීන් ප්‍රභවයකි. ඒ වගේම ඔබේ ආහාර වේලට වෙනසක් එක් කිරීමට හොඳ ක්‍රමයක්. තාරා මස් වල අසංතෘප්ත මේද, ඔමේගා -3/ඔමේගා -6 අම්ල බහුල වන අතර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල යහමින් පිරී තිබේ.

    ➔     අත්‍යවශ්‍ය නොවන හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වලින් පොහොසත් උසස් තත්වයේ ප්‍රෝටීන් පෝෂණය.

    ➔     යකඩ, සෙලේනියම්, විටමින් සී සහ බී විටමින් යහමින් ඇත.

    ➔     කාබෝහයිඩ්රේට් නැත.

    ➔     සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේදය, ඔමේගා -3 සහ ඔමේගා -6 මේද අම්ල.

    ටර්කි හෙවත් කළුකුම් මස්

    ටර්කි හෙවත් කඵකුම් මස් නත්තල් කාලයට යම් පමණකට දැකගත හැක. නමුත් එය  වැඩි වශයෙන් අපේ රටේ ජනප්‍රිය නැති මස් වර්ගයක්. නමුත් කළුකුම් මස් සම්පූර්ණ ප්‍රෝටීන් සපයන ප්‍රභවයක් වශයෙන් ඉතාම වැදගත් මාංශ වර්ගයක්.  සාමාන්‍යයෙන් ටර්කි මස් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 28 ක් පමණ අන්තර්ගත වෙනවා. එය වැඩිහිටියෙක් සදහා නිර්දේශිත දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට සමත්වනවා.

    ප්‍රෝටීන් හැරුණු විට ටර්කි මස් වල පහත සඳහන් ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ:

    ➔     නියාසින්

    ➔     කොලීන්

    ➔     සෙලේනියම්

    ➔     සින්ක්

    ➔     විටමින් බී -6

    ➔     විටමින් බී -12

    ➔     පොටෑසියම්

    ➔     කැල්සියම්

    ➔     මැග්නීසියම්

    ➔     යකඩ

    ➔     අසංතෘප්ත මේද අම්ල සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල

    බිත්තර

    බිත්තර යනු මිහිමත ඇති පෝෂ්‍යදායීම සහ ඉතා පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාර වලින් එකකි. මේ නිසා බිත්තර යනු සුපිරි ආහාරයක් ලෙසින් හැදින්වීම නිවැරදියි. බිත්තරවල සෑම අත්‍යවශ්‍ය පෝෂකයකම කුඩා ප්‍රමාණයකින් හෝ අන්තර්ගත වන නිසා සමබර ආහාර වේලක ප්‍රධාන අංගයක් වීමට ඉතා සුදුසුය.

    ➔     විටමින් ඒ (සම, අවයව හා ශ්වසන පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගනී)

    ➔     විටමින් බී 12 (ආමාශ පද්ධතියේ ක්ෂුද්‍ර ජීවීන්, ටී සෛල නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ වර්ධනය සඳහා උපකාරී වේ)

    ➔     ආසාදන වලට එරෙහිව ආරක්ෂාව සපයන සින්ක් සහ සෙලේනියම්වලින් සමන්විතයි.

    පෝෂණයට අවශ්‍ය සියලු ආහාර

    මේ ප්‍රෝටීන් වලින් අපට තවත් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයක් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමෙන් ඔබේ කැලරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණ සංතෘප්ත වුවහොත් එය අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම මේ නිසා ප්‍රෝටීන් ගැන නිසි පරිදි දැනුවත්ව, ඒ දැනුම සැමට බෙදා දෙමින් අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වෙමු.

    සාකච්ඡාව සහ සටහන

    සංජය නල්ලපෙරුම විසිනි.

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version