ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියදුරකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
කොළඹ සිට නුවර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොත්තෙමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රී කාලයේ මෙම අනතුර මීරිගම ප්‍රදේශයේදී සිදුව ඇති අතර මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ මීරිගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.














































