ඔක්තෝබර් මස 20 වනදා සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
මීට ඉහතදී දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට වුවත් එය පසුව අත්හිටුවා ඇත.
ඒ අනුව මේ වන විට ගෙන ඇති තීරණයට අනුව ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට නියමිතව ඇත.
නව සංශෝධනය යටතේ 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර දුම්රිය ධාවනය වීමට නියමිතව ඇත.














































