කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.40 ට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ළගා වීමේ දී සෙමින් වේදිකාවට ධාවනය කර වූ යැයි ප්‍රකාශ කරමින් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම දුම්රියේ රියදුරුට බැන තර්ජනය කොට පහර දුන් බවට එම රියදුරු පොලීසිය වෙත පැමිණිලි කොට ඇති බව වාර්තා වේ .
ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ නිලධාරීන් පැමිණ එම කාන්තාව හා පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ .
වාර්තා වන ආකාරයට එම කාන්තාව පොලීසියේ රාජකාරි කරන කාන්තා පොලිස් නිලධාරිනියක් වන අතර එම සිදුවීම මේ වන විට මාධ්‍යවේදීන් විසින් වීඩියෝ ගත කොට ඇති බව ද වාර්තා වේ .














































