දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර ඇත.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පැය 24ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ දුරගමන් සේවා කලින් ආසන වෙන් කරන ලද දුම්රිය නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.














































