දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ දුම්වැටියක මිල තීරණය කිරීමට ඉදිරිපත් කරන ලද මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේ දී දුම්වැටියක මිල ද ඉහළ යා හැකි බවයි.
සෑම වසරක් පාසාම දුම්වැටියක මිල ඉහළ යාම සිදුවන බවද වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම ෙඵතිහාසික පියවරක් වන බවයි.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම දුම්කොළ සහ මත්පැන්වලට ඇබ්බැහිවී සිටින්නන් ඉන් මුදවා ගැනීම සඳහා ඔවුන් කැපවී සිටින බවයි.