ඊයේ (21) දිනයේ දුරකථන මාර්ගය ඔස්සේ ඇමෙරිකානු සහ රුසියානු ආරක්ෂක ලේකම්වරුන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී සාකච්ඡා වී ඇත්තේ යුක්රේනයේ පවතින යුධමය තත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳවයි.
එසේම පසුගිය මැයි මාසයේදී ද ඔවුන් අතර තවත් දුරකථන සාකච්ඡාවක් සිදු ව ඇති බවටද වාර්තා වේ.
එම සාකච්ඡාවේදී ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් සටන්විරාමයක් සිදුකරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිට ඇති නමුත් මෙවර සාකච්ඡාවේදී එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.















































