ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දුන් පිරිස සොයා ගල්කිස්ස පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ස්ථානාධිපතිවරයාගේ කාර් රථයට ඉන්ධන ලබා ගැනීමට බෙලෙක්කඩේ හන්දියට ගිය අවස්ථාවේදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කාර් රථය හරස් කර මුහුණට යම්කිසි ද්‍රාවණයක් ඉසීමෙන් අනතුරුව හෙල්මට් වලින් පහර දී ඇති බව සදහන්.
ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙකුට යොමු කිරීමට ගල්කිස්ස පොලිසිය පියවර ගෙන ඇති අතර පහරදීමට පැමිණි එක් යතුරුපැදියක් හදුනාගෙන ඇති අතර පහරදුන් අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.













































