English
සිංහල
22:16 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දූෂිත ආයතනයට අයුතු ලෙස පැමිණි චන්ඩි සභාපතිගේ පැමිණීම නීත්‍යානුකූලද?

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සමූපකාර තොග වෙළද සංස්ථාව නොහොත් සතොස යනු මෑත ඉතිහාසයේ සුදු ළූණු වංචාව, සීනි වංචාව, මිල අධික තඹ යකඩ විකිණීම, ආයතනයේ පැරණි වාහන විකිණීම, සෝපාන සදහා අධික මිලක් ගෙවීම ආදී දූෂණ ගණනාවක් පිළිබදව හඬ පට වලින්ම අසා දැන ගැනීමට ලෝක වාසි ජනතාවට වාසනාව ලැබුණු අතර මේවාට අමතරව ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ වංචා සහ දූෂණ ගණනාවකින් පිරුණු ආයතනවලින් එකක් වන්නේ සතොසයි. එය ශ්‍රී ලංකාව පුරාම එසේය.

    කෙසේ හෝ මේ වංචා දූෂණ හොර මගඩි අස්සේ සතොස ආයතනය තුල සිදු වූ බව කියවෙන වංචාවක් පිළිබඳව හඬ පටයක් නිකුත් වීමත් සමගම විධිමත් පරීක්ෂණයක් සදහා සතොස සභාපතිවරයාගේ වැඩ තහනම් කරන ලදී. නමුත් එම තහනම පනවා තිබෙන්නේ අමත්‍යවරයා විසින් වන අතර පත් කිරීම කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසිනි.

    එසේ තිබියදී අද (15) මොහු බලහත්කාරයෙන් තම කාර්යාලය වෙත පැමිණ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක්ද පවත්වා තිබේ.  ඊටත් වඩා භයානක තත්වය නම් ඔහු අද පැමිණ තිබෙන්නේ කොවිඩ් රෝගයද පවතිද්දී බව තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුට කොවිඩ් රෝගය වලදී ඇත්තේ පසුගිය 11 වැනිදා බවද සදහන් වේ. නිරෝදාන නීතියට අනුව දින 7 ක් නිවසින් පිටවීමට නොහැක.

    මේ සියල්ලෝම මහජන සේවකයන්ය. මහජන මුදලින් වැටුප් ලබමින්, මහජන මුදලින් වාහන සහ ඉන්ධන වියදම් මෙන්ම දුරකථන බිල් පවා ගෙවාගෙන තම දු දරුවන් ට ඒවාද කෑමට දෙමින්, තවත් මදිව වංචා සහ දූෂණ කරමින් මහජන දේපල මංකොල්ල කන රාජ්‍ය නිලදාරීන් බහුතරයක් සිටින රාජ්‍යක වැසියන්ට සාමකාමී පැවැත්මක් කිසි සේත්ම අපේක්ෂා කල නොහැක. මේ සියල්ලටම වඩා කණගාටුදායක කරුණ නම් ඔහු නීතීඥවරයෙකු වීමයි. අධිකරණ කටයුතුවලදී අධිකරනයට සහාය ලබා දෙන නීතිවේදියෙකුගෙන් මෙවන් සිද්ධියක් බලාපරොත්තු විය හැකිද? මේ පිළිබදව කෙරෙන නීතිමය විග්‍රහයක් පහතින් දැක්වේ.

    රාවණා සටහන

    වංචා සහ දූෂණයක් සිදු වූ විට ජනාධිපතිවරයා කල පත්වීමක්  අවලංගු කල නොහැකිද?

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙසේ සභාපතිවරු පත් කලද අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල නිසි බලදාරියා වන්නේ සහ වගකිව යුත්තා වන්නේ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා වේ. ආයතන සංග්‍රහයට අනුව කුමන අයුරකින් හෝ රජයෙන් වැටුපක් ලබන්නේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු වේ. එසේම ආයතන සංග්‍රහයේ පළමු පරිච්චේදයේ අර්ථ නිරූපන වලට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පුද්ගලයන් රාජ්‍ය සේවකයන් නොවන බවටද සදහන් කර නැත. රාජ්‍ය නිලදාරීන් ලෙසට පිළිනොගත්ත ද රජයෙන් වැටුප් ලබන්නෝ රාජ්‍ය සේවකයන්ය. ඒ අනුව සතොස සභාපතිවරයා ආයතන සංග්‍රහය යටතට ගැනෙන රාජ්‍ය සේවකයෙක් වන අතර අමාත්‍යාංශ ලේකම් යටතේ සිටින රාජ්‍ය සේවකයෙකි. ඒ අනුව නිසි විනය බලදාරියා විය යුත්තේ අමාත්‍යාංශ ලේඛම් වේ.

    එසේ වුවත් ආයතන සංග්‍රහයේ II වෙනි කාණ්ඩයේ XLVIII වන පරිච්චේදයේ 1:1:5 වැනි පරිච්චේදයට අනුව අදාළ අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයා වේ. එයට අනුව “ අමාත්‍යාංශ ලේකම්වරුන් හැර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නිලධරයන් භාරයේ පවත්නා කාර්යාල සම්බන්ධයෙන් වන කල්හි  ‘ අදාළ අමාත්‍යවරයා’ යන්නෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා වේ” ලෙස සදහන් වේ. එසේ බලන විට සතොස ආයතනයේ සභාපති සිටින්නේ ජනාධිපති යටතේ වන අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යටතේ හෝ රේඛීය අමාත්‍යංශ ලේඛම් යටතේ නොවේ. එසේ වුවත් එහිම, 1:1:8 ට අනුව සභාපතිගේ කාර්යාලය හා සම්බන්ධ වන විට එහි ප්‍රධානියා වන්නේ අමාත්‍යාංශ ලේඛම් වේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කලද රාජ්‍ය සේවකයෙකු ලෙස වංචා දූෂණ සහ අක්‍රමිතා සිදු කර තිබේ නම් සභාපතිවරයාට විරුද්ධව කටයුතු කල යුතු නිසි විනය බලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේඛ්මය.  එසේම  සතොස යටතේ සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීමටත් ඒ ආයතන සදහා වගකීමටත් වෙළද අමාත්‍යංශ ලේඛම් නීතියෙන්ම බැදී සිටි. ඒ සදහා ඔහුට බලය ලැබෙන්නේ ආයතන සංග්‍රහයේ 3:1 වගන්තිය මගිනි.

    එසේම ජනාධිපතිවරයා විසින් පත් කලද ආයතන සංග්‍රහයේ XLVIII පරිච්චේදයේ 31: 1 වගන්තියේ ඇති විධි විධාන මත සහ 31:5:1 වගන්තිය පවතින විධි විධාන මතද සභාපතිවරයා වැඩ තහනමට ලක් කිරීමට රේඛීය අමාත්‍යංශ ලේඛම්වරයාට බලය තිබේ. එම පරීක්ෂණය තිබියදීම පොදු නීතිය යටතේ ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර එසේ නොකිරීම පිළිබඳවද අමාත්‍යාංශ ලේකම්වරයාද ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 112, 174, 199 ආදී වගන්ති වලින් චෝදනා ලැබීමට සුදුස්සෙකි. එසේම ඔහු එසේ චෝදනා ලැබිය යුතුමය.

    එසේම අද සිදු වූ ක්‍රියාව නිසාද අදාළ හිටපු සභාපතිවරයාට විරුද්ධව අපරාද චෝදනා රාශියක් යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුය. විශේෂයෙන්ම එහි 183 වගන්තිය පැහැදිලිවම උල්ලංඝණ කර තිබෙන අතර එයින් අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මේ වන විටත් මහජන අප්‍රසාධය එල්ල වෙමින් පවතින  බැවින් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 118, 119, 120, යන වගන්තීන් වලින් කියවෙන වැරදිද ඇතුළුව තවත් වැරදි රාශියක් අද දිනය තුල පමණක් සිදු කර තිබේ.    

    එබැවින් අපගේ නීත්‍යානුකූල දැක්ම නම්,  නීතියක් නොරකින මිනිසුන් පාලකයන් ලෙස පත් කිරීමෙන් රජයට හෝ ජනාධිපතිට හෝ රාජ්‍යයට සිදුවන හානිය සුළු පටු නොවේ. රටේ බොහෝ ස්ථාන වල සිදු වන මෙවැනි තර්ජනාත්මක නීති විරෝදී ක්‍රියාවන්වලට තිත නොතබන තාක් කල් මෙරට සශ්‍රීක දේශයක් නම් නොවන බව පැහැදිලිය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version