වෙන්නප්පුව, ලිණුවිල ප්‍රදේශයේ දී දෙදරු මවක් බලහත්කාරයෙන් දුෂණය කල සැක කරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිදුවීමට අදාළ කාන්තාවගේ සැමියා විදේශ ගතව රැකියාවක් කරන අතර දරුවන් දෙදෙනා සමග 32 හැවිරිදි මෙම කාන්තාව තනිවම නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව පසුගිය 5 වන දා රාත්‍රී 9ට පමණ නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ මෙම ආවස්තාවට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.
අනතුරුව මෙම සිදුවීම මැය විසින් තම සැමියාට දැනුන් දී උදාසිරිගම පොලිසියට පැමිණිලි කර ඇතිබව සදහන් වේ.
ඒඅනුව ක්‍රියාත්මකවූ පොලිසිය සක කරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල රෝහලට යොමු කර ඇති බව සදහන් වේ.














































