English
සිංහල
12:41 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දෙනෙත් නොපෙනෙන හිමියන් සංඝනායක පදවිය ලබයි. අනුවේදනීය කතා පුවත උන් වහන්සේගේ මුවින්ම අහන්න.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා අමරපුර නිකායේ එක්නැලිගොඩ පාර්ශවයේ සබරගමු පළාත් උප ප්‍රධාන සංඝනායක හා ධම්මජෝති වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ගෞරව නාම සහිතව බලංගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මානාධිපති පූජ්‍ය අටවක්වෙල විජිතබෝධි නාහිමියන් හට පසුගිය දා තුඹගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාමයේදී අක්‍රපත්‍ර ප්‍රධානය සිදු කරන ලදී.

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් අක්‍රපත්‍ර ප්‍රධානය සිදු වූ අතර මෙම සම්භාවනීය අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල , රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුනරත්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ඇතුළු සම්භාවනීය අරාධිත අමුත්තන් රැසක් සහභාගී විය . එසේම බෞද්ධ ආගම නියෝජනය කරමින් සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ද ප්‍රදේශයේ අන්‍යාගමිකයන් නියෝජනය කරමින් හින්දු , කතෝලික සහ ඉස්ලාම් පූජකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී උන්වහන්සේට සුභාශිංසන එක් කළහ.

    උන්වහන්සේගේ ජීවිත කතාව

    සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටවක්වෙල නම් ග්‍රාමයේ උළුගල නමැති ගම් පියසේ අලංකාර කෙත්වතුවලින් හා රමණීය කදු වැටිවලින් වට වූ ඓතිහාසික වශයෙන් රාවණා යුගයට නෑකම් කියන ප්‍රභූ පවුලක පියා වන යාපිට මුදිහන්සේලාගේ කරුණාරත්න බණ්ඩාර සහ කනවින්න මොහොට්ටාලගේ ජයසුන්දර මැණිකේ කුමාරිහාමිට දාව උපන් පින්වත් කුමරුවන් වන යාපිට මුදිහන්සේලාගේ බෝධිනායක බණ්ඩාර 1976 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින ජන්මලාභය ලැබීය . මොහු පවුලේ වන වැන්නාය.

    බෝධිනායක බණ්ඩාර නැමැති කුමරුවා මූලික අධ්‍යාපනය ලැබූයේ මැදහින්න ප්‍රාථමික විද්‍යාලයෙනි. වැඩි දුර න්අධ්‍යාපන කටයුතු සදහා අටවක්වෙල රතනපාල විද්‍යාලයට සහ මොරහැල බණ්ඩාරනායල විද්‍යාලයට ඇතුළත් විය .

    අනාගත සංඝ ශෝබනත්වයෙන් වරම් ලැබ ජන්මය ලැබූ බෝධිනායක කුමරුවා ක්‍රි.ව. 1988 වර්ෂයේ දී අමරපුර නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී සුමංගල අටවක්වෙල බෝධිසීහ නායකහිමි සහ මොරහැල සද්ධාමංගල ස්වාමීන්වහන්සේලා හට පැවිදි කිරීමට භාර විය .පසුව වසර දෙකකට ආසන්න කාලයක් සාමණේර බණ දහම් හදාරා ක්‍රි.ව.1990 ජුලි මස හතරවන දින අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ මහානායක ගගුල්විටියේ සුමංගර මාහිමි වෙතින් උතුම් පැවිදි බව ලැබීය.එතැන් සිට බෝධිනායක කුමරුවා විජිත බෝධි සාමණේරයාණන් වහන්සේ නම් විය.

    විජිත බෝධි සාමණේරයාණන් වහන්සේ වැඩි දුර අධ්‍යාපනය හැදෑරීම සිදු කළේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙනෙන් සහ ගාල්ල වැහිහේනේ විද්‍යාශාන්ති මහා පිරිවෙනෙනි.අ.පො.ස .උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ
    ලෙස සමත් වී කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබා එහිදී ශාස්ත්‍රවේදී උපාධියත් , බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි පාඨමාලාව හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ද හිමි කරගනු ලැබීය.

    විජිත බෝධී සාමණේරයාණන් වහන්සේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන කාලය අතරතුරේදී අධිශීල උපසම්පදාවට අවශ්‍ය බණ දහම් , විනය , ප්‍රාතිමෝක්ෂය , ශීලාධිහෙයි ප්‍රාගුණ්‍ය ලැබූ අතර අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත් වූයේ තුඹගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථානයේ දීය .

    එමෙන්ම ගගුල්විටියේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ , කදන්ගොඩ සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ , අටවක්වෙල බෝධිසීහ නායකහිමිපාණන් වහන්සේ , පලිගල නාරද හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව.1987 ජුලි මස හය වන දින ශ්‍රි සංඝිත මහා සුධර්මාරමයේ විහාරානුබද්ධ ශීලාමලකයේදී අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධ උපසම්පදාව ලබා ගත්හ.

    ශාසනික , සමාජීය , ආයතනික සේවාවන් ආරම්භ කළ අතර විජිත බෝධි නාහිමිපාණන්වහන්සේ බලංගොඩ තුඹගොඩ ශ්‍රි සංඝිත මහා සුදර්මානාධිපති මොරහැර උඩවෙල ශ්‍රී විජයාරාමාධිපති දෙණගම පස්සරමුල්ල උපසිත් ජනපද බෝධිධම්ම නිකේතනයේ විහාරාධිපති , බලංගොඩ මොරහැල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ,ශාසන ශෝගන බුද්ධපුත්‍ර ගෞරව නාමයෙන්ද , වනවාසී වතුරවිල විහාර පාර්ශවයෙන් ධම්මධජ ගෞරව නාමයෙන්ද , මුළු දිවයිනටම සාම විනිසුරු ,බලංගොඩ එක්සත් සංගමයේ සභාපති , යූ ටියුබ් නාලිකාවක ආගමික උපදේශක ආදී විවිධ තනතුරුවලින් විජය බෝධී නායකහිමිපාණන් වහන්සේ පිදුම් ලැබීය.

    එමෙන්ම නායකහිමිපාණන් වහන්සේ තනතුරු නම්බුනාමවලින් උදම් නොවන , නිරහංකාර , ආදර්ශමත් හික්ෂු චරිතයකි.එසේම අති දක්ෂ ගුරුවරයෙකි.වියත් ධර්ම කථිකයෙකි.ලොකු කුඩා සැමගේ ගෞරවයට පාත්‍ර වූවෙකි.බහුජාතික මෙන්ම බහු ආගමික පරිසරයක් තුළ සියලුම ජාතීන් සියලුම ආගමිකයන් සමග සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු කරන උතුම් ශීලවන්ත නායකහිමිනමකි.

    දෙනගම උස්බිත් බෝධිධම්ම නිකේතනය , උඩවෙල ශ්‍රී විජයාරාමය ඇතුලු විහාරස්ථන රැසක් අංග සම්පූර්ණ කිරීමත් , සම්බුද්ධ ශාසනයට දායාද කරන්නට නායකහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කළහ .

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version