දෙමටගොඩ ලක්හිරු සෙවණේ ඊයේ (10) රාත්‍රී 9 ට පමණ ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (10) රාත්‍රියේ පැමිණි දෙදෙනෙකු විසින් මෙලෙස කපා කොටා ඇති අතර මොවුන්ගේ හෙරෝයින් සම්බන්ධ තොරතුරු පොලිසියට දැනුම් දෙනවා යැයි කියූ නිසා මෙම කාන්තාව මෙලෙස කපා කොටා ඇති බව ඇයගේ මව සහ සහෝදරිය ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා වන මලීෂගේ ගෝලයින් බවත් , මලීෂ විසින් මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රහාරය සඳහා එවා ඇති බවත් සඳහන්.
මෙම සැකකරුවන් විසින් ප්‍රහාරය සිදු කර පලා යාමේ දී ප්‍රදේශවාසීන් විසින් මොවුන්ව පොලිසියට භාර දී ඇති අතර දෙමටගොඩ පොලිසිය ද මොවුන්ට සහය දක්වනවා යැයි පවසමින් එම අවස්ථාවේ දී උණුසුම් තත්ත්වයක් ද ඇති වී ඇති බව වාර්තා වේ.














































